spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ කාර්යය මණ්ඩලයේ 40කට ඩෙංගු !

Must read

NGB hospitalමීගමුව මහ රෝහල තුළ මේ වනවිට රෝගීන් 223 දෙනෙකු ප්‍රතිකාර ගන්නා අතර ඊට රෝහල් කාර්‍යමණ්ඩලයේ 40,ක රෝගීන් සංඛ්‍යාවක් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සළකුණු කෙරෙන්නේ මීගමුවෙන් බව ඊයේ(4) පැවති රෝහල් බලධාරීන්ගේ සාකච්ඡාවකදී පැහැදිළි වී ඇත . ඩෙංගු රෝගය බරපතල ලෙස ව්‍යාප්ත වීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සහ පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂක වරයා ද පැමිණි අතර එහිදී රෝහලේ පවතින තත්වය නිරීක්ෂණය කර ඇත . මෙහිදී මීගමුව රෝහල පිරිසිදුකම අතින් සාපේක්ෂව යහපත් තැනක තිබෙන නමුත් , ගැටළු ද තිබෙන බව ඉදිරිපත්වී ඇත.මේ අනුව ඉදිරියේදි මේ ගැටළු විසඳාගැනීමට බලධාරීන්ගේ සහාය ලබාදීමටද පොරොන්දු වී ඇත .
පසුගිය කාලය තුළ වැඩි ඩෙංගු ව්‍යාප්තියක් දක්නට තිබුනේ මීගමුවේ අක්කර 50 දළුපත යන ප්‍රදේශ මුල්කරගෙන වුවද මේවනවිට රෝගීන්ගේ වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙන්නේ වැල්ලවීදිය , තක්කියා පාර, පෝරුතොට , දළුවකොටුව, කොච්චිකඩේ දක්වා වූ ප්‍රදේශයි.
රෝගීන්ට සත්කාර කිරීම .
*රෝගය වලක්වා ගැනීම . යන කරුණු දෙක ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති අතර මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටද බලධාරීන් පොරෙන්දුවී ඇත .
කෙසේ නමුත් මීගමුව රෝහලේ පවතින තත්වය අනුව රෝහලේ කාර්‍යමණ්ඩලය, පිරිසිදු කිරීමේ අංශයට අමතරව නගරසභාවේ අදාල අංශවල සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු, මේ සඳහා වැඩි දායකත්වයක් ලබාදිය යුතු බව අප අවධාරණය කරමු. පසුගිය කාලයේ ඩෙංගු මර්ධනය සදහා යැයි කියමින් මහජන බදුමුදල් රුපියල් කෝටි ගණනින් කාබාසිනියා කළ පොහොට්ටු පාලනය සැබැවින්ම සිය අසාර්ථකත්වය රටටම පෙන්වා හමාරය. ඩෙංගු වෙනුවෙන් රුපියල් කෝටි ගණන් පඩි ගෙවා බදවා ගත් ව්‍යාපෘති කම්කරුවන් බහුතරයක් දරන් කරන්නේ ඩෙංගු පාලනය නොව ලංසලා පවුලේ දේශපාලන ප්‍රචාරක වැඩය.මේ සියල්ල සිදුවන්නේ කොන්ද පණනැති එජාප ආසන සංවිධායකයෙකු මිගමුවේ සිටිම නිසාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article