spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ ඛේදවාචකය-සිත්තිගේ සිට තුසිත දක්වා ..??

Must read

වෛද්‍යවරුන්ගේ නොසැකිල්ල සම්බන්ධයෙන් වැඩියෙන්ම විචේචනයට ලක්වු රෝහල විය හැක්කේ මීගමුවයි.එසේ වන්නට තරම් බරපතල වැරදි මීගමුව රෝහල තුලදි සිදුව ඇත.බිළිදු වැඩිහිටි බේදයකින් තොරව මෙහි අවසනාවන්ත ප්‍රථිපල වලට ගොදුරු වුවෝ වෙති.

2005 මාර්තු මාසේ සිදුවු සිත්ති නසිරාගේ පාදයක් වැරදිමකින් කපා ඉවත් කිරිම මීගමුව රෝහලේ නොසැලකිල්ල වැඩියෙන්ම කථා බහට ලක්වු කරුණු වුවාට සැක නැත.

එහෙත් මීගමුව රෝහල තුල දිගින් දිගටම පැවති අවසනාවන්ත තත්වය  වි තිබුනේ අදාල වැරැද්ද නිවරදි ලෙසින් විමර්ශනයට ලක්කොට එය නැවත සිදුනොවන්නට කටයුතු යෙදිම සිදු වනවා වෙනුවට බොහෝ අවස්ථාවලදි සිදුවු අදාල වෛද්‍යමය නොසැලකිල්ලට  බදුන් වු වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය බේරාගැනිමට මෙහෙයුමක් ක්‍රියාත්මක විමයි.

මේ නිසා අදාල වැරැද්ද ස්ථානගතව ඇති හේතුව එලෙසින්ම පවති. නිදසුනක් ලෙසින් ගතහොත් සිත්ති නසිරාගේ අවසනාවන්ත ඉරණම ගැටගැසුනු රෝහලේ අර්බුදය වි තිබුනේ ශළ්‍යකර්මයකදි රෝගියාගේ හෝ ඥාාතින්ගේ එකගතාවය ගැනිම සදහා වු එකඟතා පොර්මයක් නොතිබිමයි.

මේ පිළිබදව මීපුර පුවත්පත විසින් ගෙන ගිය පුළුල් සංවාදයක ප්‍රථිපලයක් ලෙසින් මීගමුව රෝහලේදි  මේ සදහා සරල පෝ්ර්මයක් හදුන්වා දි තිබුණි.

මේ අකාරයෙන් ගෙන බලන කළ මීගමුව රෝහල හා බැදුන මෑත ඉතිහාසයේ අවසනාවන්ත සිදුවිම වුයේ අවුරුදු 23 ක තරුණයෙක් ඉතා පහසු ශළ්‍යකර්මයක් කිරිමේදි දෙනු ලැබු නිර්වින්දන බේත් හේතුවෙන් යළි සිහි නොලබාම මරණයට පත්විමයි.

මේ කටයුත්ත සම්බන්ධයෙන් වුවද ඇත්තටම නියම විමර්ශනයක් සිදුවන්නේ නම් පමණක් ජිවිතයක් අහිමිකොට ගෙන හෝ තවත් ජිවිත බේරාගැනිමට අවැසි ක්‍රියාත්මකවිම ගැන එකඟතාවක් ඇතිකරගතහැකිවනු ඇත.

මේ ඇත්ත අභියෝගය මගඅරින්නේ නම් අපට ඉතිරි වන්නේ කුමක්ද..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article