spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල මාස 3 න් හදනවා යැයි කි ලොක්කන් කෝ ??

Must read

මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල එවකට පැවැති කොමිස්කාර දේශපාලනය විසින් වසර 10 ක කාලයක් තුල කඩන් වැටෙන තත්වයක්  නිර්මාණය විමෙන් පසුව මහත් වු අර්බුදයකට ගමන්කර තිබුණි .
මේ විනාශයට ඉතා පැහැදිලිව වගකිව යුතුව ඇත්තේ ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේය.
මේ කොන්ත්‍රාත් ගිවිසුම් ගතව තිබුනේ ඔහුගේ අනුදැනුම මත ඒ සමයේදිය.
NGB-hospital-new-buildig-
එහෙත් මේ ගොඩනැගිල්ල වැඩිකල් නොගොස් ගැටළු ගණනාවකට මුහුණ දුන් අතර එය අනාරක්ෂිත තත්වයකට පත්ව තිබුණි.
මෙම ගොඩනැගිල්ලේ ඇති අවධානම ගැන මුලින්ම පොලිසියට පැමිණිලි කර සිටි වෛද්‍ය ඉයන් මහතා ප්‍රමුඛ සිවිල් ක්‍රියාධරයන් පසුව මීගමුව සාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.

dr,Iyan complaint
වෛද්‍යවරුන් පවා වරක් පාරට බැස මේ සත්මහල් ගොඩනැගිල්ල ගැන රටට කරුණු කියන්නට යෙදුණි.
කෙසේ වෙතත් මේ බලපෑම් හමුවේ රජයේ අවධානය යොමුවු අතර රජය ප්‍රතිචාර දක්වන්නට පටන් ගනිද්දි  එයට ප්‍රතිචාර දක්වමින් පැමිණි ළමා විශේෂඥ වෙද්‍යෙ ලක්කුමාර මහතා ඔහු දන්නවා යැයි කියමින් එකල මිගමුව රොහලේඑ කම ගැලවුම්කාර බදුවු අයෙකු ලෙස මහාචාර්ය ජයසිංහ නැමැත්තෙකු හදුන්වා දුන්නේ මීගමුව රෝහලට අඩුවියදම් තාවකාලික ගොඩනැගිලි මෙන්ම සත්මහල්  ගොඩනැගිල්ලද මාස කිපයකින් දෙනවා යැයි කියමිනි.
එහෙම පිටින්ම වන් මැන් ෂෝ එකක් වු මෙම ව්‍යාපෘතිය විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසින් පමණක් විසින්ම හසුරුවන්නට විය.
සත්මහල් ගොඩනැලිල්ල එහි ප්‍රතිසංස්කරණ වැඩ නිමවා දිමට පොරොන්දුව සිටියේ 2015 දෙසැම්බර් මස 31 වනදාය.
දැන් 2019  දෙසැම්බර් මාසයයි .
මාස 3 කින් ගොඩනැගිල්ල යථාතත්වයට පත්කරනවා යැයි කියු කව්රුත් දැන් නම් නැත.පමාවට දැන් වසර 4 කි.
ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාරද නිහඩය.මේ අතර කාලය තුල කුමාර ලිලාවෙන්ම ඇතමුන් දැවැන්ත මාළිගාවල් පවා හදාගන්නට ඇත.Dr-Lakumar
.මහාචාර්ය ජයසිංහට සිදුවුයේ කුමක්දැයි කිසිවෙකුත් නොදනි
එහෙත් එකි මහාචාර්යවරයා සිය උපදේශන ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 300 ක් පමණ රැගෙන ඇති බව නම් දැන් ප්‍රසිද්ධ රහසකි.
පසුගිය දිනක මිගමුවේ පැවැති උත්සවයකදි නිමල් ලංසා සිය කථාවේදි මේ කටුක ඇත්ත සගවා වෛද්‍ය ලක්කුමාරව අගයන්නට කටයුතු කර තිබුණි.
එහෙත් ඇත්ත නම් මිගමුව රෝහල අද පත්ව ඇති අර්බුදයට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තා ලක්කුමාරය.
තනිකරම පුද්ගලික න්‍යාය පත්‍රයක් තුල කටයුතු කරගෙන යමින් හිතුවක්කාරි ලෙස ගනු ලැබු තින්දු අද මිගමුව රෝහලට කණකොකා හඩන තත්වයකට පත්ව තිබේ.
එහෙත් නිමල් ලංසාලා වැනි ජනතා නියෝජිතයන් පවා සිටගන්නේ ඒ අයගේ පැත්තේ මිස ජනතාවගේ පැත්තේ නම් නොවේ.
රෝහලේ පවතින ගොඩනැගිලි අඩුපාඩු හේතුවෙන් පිඩාවට පත්ව සිටින්නේ මිගමුවේ සහ අවට දුප්පත් ජනතාවය.
කරුමය වන්නේ මිගමුවේ සිටින ජනතා නියෝජිතයන්ට මේ ගැන  වගේ වගක් නැතිවිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article