spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ බරපතල පරිපාලන අවුලක් ? ස්ථිර අධ්‍යක්ෂකවරයෙක් නෑ.?

Must read

NGB hospital(7.30 am ) මීගමුව රෝහල දිනෙන් දින අවුලට යමින් තිබේ. ගොඩනැගිල් වලද ප්‍රශ්ණ එමටය.කඩිනමින් තැනු තාවකාලික ගොඩනැගිලි වල ඉහිලුම් නොදෙන රස්සනයට තවමත් විසදුම්ක් නැත.

මේ අතර රෝහලේ තට්ටු ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකරනු ලබන බවට මීට කලකට ඉහතදි පොරොන්දු ලබාදි තිබුනද දැන් ඒ ගැන කිසිදු වැඩපිලිවෙලක් ඇති බවක් නොපෙනේ .ඇත්ත වශයෙන් එකි තට්ටු ගොඩනැගිල්ලේ වැඩ නිමකොට භාරදිමට එකග වි තිබුනේ 2015 දෙසැම්බරයේදිය.

මේ සියළුම අවුල්කාරි තත්වයන් නිසි අයුරින් කළමණාකරණය කොට රෝහල දැන් වැටි ඇති ආරාජික තත්වයෙන් ගොඩගැනිමට විසිහතර පැයම කාලය මිඩංගු කළ හැකි රෝහල් අධ්‍යක්ෂකවරයෙකු අවැසිව තිබේ.
එහෙත් පසුගිය කාලය පුරාම මීගමුව  රෝහලට පැමිණ තිබුනේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරුන් පමණි. මේ බොහොමයක් ටික කලකින්ම සිය උසස් අධ්‍යාපන කටයුතු සදහා රෝහලෙන් නික්ම යාම පුරුද්දක් බවට පත්ව තිබුණි.
.මේ පසුබිම තුල අදාල බලධාරින් මීගමුව ගැන වඩාත් අවධානය යොමුකොට පත්ව ඇති ආරාජික තත්වයෙන් රෝහල ගොඩනැගිම සදහා විධිමත් සැලැස්මක් සැකසිය යුතුව තිබේ.
මීගමුව රෝහලේ පිහිටිමෙ ඇති අතිශය වැදගත්කම මත විධිමත් රෝහලක් බවට පත්කිරිම තවදුරටත් පැහැර හැරිය නොහැකි ජාතික වගකිමක් බවට පත්ව ඇත.
නිදහස් වෙළද කලාපය,සංචාරක කලාපය,ජාත්‍යන්තර ගුවන් තොටුපල යන කරුණ නිසාම මෙහි වැදගත්කම කිසිසෙත්ම සුළුකොට තැකිය නොහැකිවි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article