spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහල ඉදිරිපිටින් ගත්තු කිරිපැකට් එකක පණුවෝ ?

Must read

sdr

dav

dav

තම ගැබණි භාර්යාවට මීගමුව රෝහල ඉදිරිපිට කඩයකින් මිළට ගත් කොත්මලේ කිරිපැකට් එකක පණුවන් සිට ඇතැයි කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවකයෙක් අද උදෑසන මීපුර වෙබ් අඩවිය අමතා පවසා සිටියේය.
මේ පිළිබදව අදාල වෙළද සැලේ හිමිකරුගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ අදාල පාරිහෝගිකයා විසින් මිළට ගෙන විවෘත කරන ලද කිරිපැකට් දෙකක මෙසේ පණුවන් සිටිනු තමන් සහ තමන්ගේ මිතුරාද නිරික්ෂණය කළ බවයි.
අදාල පාරිහෝගිකයා මේ පිළිබදව කොත්මලේ කිරි නිෂ්පාදන ආයතනයද දැනුවත් කර ඇති අතර අද දිනයේ මේ පිළිබදව මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද වාර්තා කර තිබුන අතර ඔවුන් ඉදිරියේදිද මේ කිරි පැකට් විවෘත කර පෙන්විමේදි පණුවන් සිටිනු නිරික්ෂණය කළ හැකි විය.මෙම පාරිහෝගිකයා කිරිපැකට් මිල‍ට ගත් මොහොතේදිම අදාල කඩහිමියා ඉදිරියේදි විවෘතකොට පෙන්විමේදි පණුවන් සිටින අයුරු ඔහු විසින් සිය ජංගම දුරකතයෙන් විඩියෝ කර තිබුණි.එකි විඩියෝවද අප මේ පුවත සදහා කඩිනමින් එක් කිරිමට බලාපොරොත්තු වෙමු
මේ සම්බන්ධයෙන් අප අදාල සමාගමේ ප්‍රදිප් රාජපක්ෂ නැමැති නිළධාරි මහතාගෙන් විමසිමක් කර සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් අදාල පාරිහෝගිකයා සමගින් මේ ගැන කථා කළ බවත් තුන්වන පාර්ශවයක් හා කථා කිරිමට සුදානම් නැති බවත්ය.
එහෙත් පසුව ඔහු කියා සිටියේ කිරිපැකට් එක තුල පණුවෙක් සිටින්නට නම් ඒ කිරිපැකට් එක ඩැමේජ් විය යුතු බවත් එතින් මැස්සෙකුගේ බිත්තරයක් ඇතුලට කෙසේ හෝ ගොස් තිබිය යුතු බවත්ය.
අදාල පාරිහෝගිකයා අප වෙත කියා සිටියේ මැස්සෙකු යන්නට තරම් සිදුරක් එහි තිබුනේ නම් ඔහු මෙය රැගෙන නොයන බවය.  තමන් මෙය රැගෙන ගියේ තමන්ගේ ගැබණි  බිරිඳට බවද යළිත් අවධාරණය කර සිටියේය.
එසේ නම් මේ කිරිපැකට් ඇතුළත පණුවන් කොහෙන්ද ?
මෙය එක්තරා භායනක තත්වයකි.
අදාල නිෂ්පාදන සමාගම් වල නීති රිති තර්ක වලින් එහාට ගිය විමර්ශනයක් මේ සම්බන්ධයෙන් සිදුවිය යුතුව තිබේ.මේ කිරිපැකට් කිපයක පණුවන් සිටි බවට දැන් ප්‍රමාණ්වත් සාක්ෂි ගණනාවක්ම තිබේ.
ඒ මීගමුවේ මේ කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිරික්ෂණද සමගින්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article