spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට ගෙන ගිය දූෂ්මන්ත…..

Must read

chameera 6chameera 5chamera 4chameera 3chameera 1 මීගමුව සිය  නිවහන කරගත් ක්‍රිඩකයෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රිඩාකරන්නට  වරම් ලැබිම යනු  මීගමුව ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට ගෙනයාමකි.
එය ඇත්තටම මීගමුවේ වෙසෙන සියළු දෙනාටම ආඩම්බරයකි.
මේ ආඩම්බරය සනිටුහන් කරනු වස් දුෂ්මන්ත පදිංචිව සිටින මීගමුව අක්කර පනහ සිගිරි පාරේ සිගිරි ක්‍රිඩා සමාජය මුල පුරා ඇත.ඒ දුෂ්මන්තලාගේ නිවසට පැමිණෙන පාරේ ඩිජිටල් අකුරු අතරේ සිය සෙනෙහස සහ ආඩම්බරය බැනරයක් මතින් මුදාහරිමිනි.
ඒ තත්වය මීගමුවට කැන්දු දුෂ්මන්ත ගැන අප තබන මේ කෙටි සටහන ඉදිරි දින කිපය පුරාවටම දිගඇරෙන්නට නියමිත සටහන් සමුදායක ඇරඹුමයි.
පතිර වසන් දුෂ්මන්ත චමිර 1992 ජනවාරි මස 11දින  අජිත් හේමන්තට හා දීපා ප්‍රනාන්දුට දාව රාගම ප්‍රදේශයේදි උපත් ලැබීය.
පෙරපාසල් අවධිය රාගම ප්‍රදේශයෙ ගෙවා තම දෙමාපියන් හා පදිංචියට මීගමුවට පැමිනෙයි.
ප්‍රාථමීක හා දිවිතීක  අධ්‍යාපනය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද උසස් පෙළ සඳහා මීගමුව මරිස්ටෙල්ලා විදුහලට ඇතුලත් වේ.කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් පෑ චමිර 12 න් පහල සිට ක්‍රීඩා පිටියේ දිදුලන තරුවක් විය.
එනම් ඔහුගේ ක්‍රිකට් දිවියේ  හොදම පන්දු යැවීම සනිටුයන වනුයේ  හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 12න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කොලඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 31 ට කඩුලු 08ක් බිඳ හෙලීම සමගිනි.
ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම මළල ක්‍රීඩාවටත් එක ලෙස දස්කම් පෑමට චමිර සමත්ය.
දිවීමේ ඉසව් හා  පිටියේ ඉසව් සඳහාද ලබාගත් ජයග්‍රහණ බොහෝය.පන්දු යැවීමට මෙන්ම පිත්තෙන්ද දස්කම් පෑමට දුෂ්මන්ත හපන්නෙකි.
ඔහු පාසල නියෝජනය කරන සමයේ ආරම්භක පිතිකරු වශයෙන් තරඟ වැදුනි.ක්‍රිකට් වලට තිබෙන දක්ෂතාවය නිසා සාමාන්‍ය පෙලින් පසු මාරිස්ටෙල්ලා විද්‍යාලයට ඇතුලු වී එයින් දැක්වූ දස්කම් වලින් ජාතික තලය දක්වා ගමන් කිරීමට වරම් ලැබිය.
පාසල් වියෙන් පසු 23න් පහල මීගමුවේ ලියෝස් ක්‍රීඩා සමාජයට ඇතුලු වී ක්‍රීඩා කල අතර පසුව 2012 වසරේදි එන්.සි.සි ක්‍රීඩා සමාජය හා එක්වී තම දක්ෂතා තියුණු කර ගත්තේය
.පසුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට ඉදිරිපත් වීමට තම පසුබිම සකසා ගති

ශ්‍රී ලංකා ප්‍රීමීයර් ලීග් තරඟාවලියේ මැතිවුස්ගේ නායකත්වයෙන් නැගෙනහිර නගාස්  කණ්ඩායම නියෝජනය  කලේය. පසුව තම පළමු ICC තරඟය ලෙස නවසීලන්තයට එරෙහිව වෙල්න්ටන්හීදී සහභාගි විය.එහිදී දිනයේ වේගවත්ම පන්දුව යවමින් නවසීලන්ත ක්‍රීඩක රෝස් ටේලර්ව දවා ගෙන තම පළමු  ICC කඩුල්ල සටහන් කර ගත්තේය.

සටහන සහ ඡායා- ඩිල්ෂාන් තිසේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article