මීගමුව සහ කටාන ප්‍රදේශයේ පසුගිය දිනවල ඇතිව තිබූ ජල ප්‍රශ්නයට හේතුව වී තිබුණේ එම ප්‍රදේශවලට ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශ්‍රය වන ” මා ඔය ” ජලාශයේ ජලයට මඩ සහ බොරළු පස් මිශ්‍ර වීමයි.
මේ වන විට එම තත්ත්වය සෑහෙන දුරකට සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතින බව , නම සහ තනතුර හෙළි කිරීමට අකමැති වූ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ, මීගමුව ශාකාවේ ප්‍රකාශකයෙකු අප සමඟ අද (03/03/2026) උදෑසනදී ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට මීගමුව සහ කටාන ප්‍රදේශවලට අඛන්ඩ ජල සැපයුමක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.
එලෙසම ඔහු ප්‍රකාශ කළේ පසුගිය දිනවල සැපයූ ජලය තුළ මඩ සහිත බව සහ දුඹුරු පැහැති බොර පැහැ ගතිය මේ වන විට සෑහෙන දුරකට එනම් සියයට අනුවක (90%) පමණ ප්‍රතිශතයකින් සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතින බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි දින දෙක ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් මීගමුව සහ කටාන ප්‍රදේශවලට සපයන ජලය වෙනදා මෙන් සාමාන්‍ය පරිදි ලබා දිය හැකි බවට විශ්වාස කරන බවයි.












