මීගමුව, සංචාරක වෘත්තිකයන්ගේ සංගමය ( Negombo Tourism Association ) ප්‍රථම වතාවට මීගමුව තුළ පවත්වනු ලබන “සූර්ය මංගල්‍යය 2025 ” (SUN RISE HARMONY 2025) නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය අද (10/05/2025) සවස මීගමුවේදී ආරම්භ විය.
එහි ආරම්භක ඉසව්ව ලෙස වට 06 කින් සමන්විත විවෘත රේසින් පාපැදි තරඟය, (Sprint challenge ) ආරම්භ කරන ලදී. එම තරගය ආරම්භ වූයේ මෙම උත්සවය පැවැත්වෙන ටොපෑස්
බීච් හෝටලය ආසන්න ප්‍රධාන මාර්ගයෙනි.
මීගමුව සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණ කුමාර මහතා විසින් ජාතික ධජය ඔසවා කරන ලද විධානයත් සමඟින් මෙම පාපැදි රැලියේ ආරම්භය සනිටුහන් විය.
තවත් ක්‍රීඩා ඉසව් ගණනාවක්ම අද මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙම උත්සවය පැවැත්වෙන ටොපෑස් බීච් හෝටලයේ පිටුපස වු මනරම් මුහුදු වෙරළ භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.
මේ අද සහ හෙට දවස පුරා මෙම සංස්කෘතික කලා මහෝත්සවය පැවැත්වීමට නියමිතව ඇත. හෙට දවසේ උදෑසන සිට මධ්‍යම රාත්‍රිය තෙක් ජන ක්‍රීඩා අංග රාශියක් සහ සංස්කෘතික අංග රාශියක්ද පැවැත්වීමට නියමිතව ඇත.