මීගමුව හිටපු HQI නැති නිසා ධීවර නායකයින්ට එරෙහි නඩුව කල් යයි…

0
81

රජය විසින් මීගමුව කලපුවේ ආරමිභ කිරිමට ගිය සී-ප්ලේන්
ව්‍යාපෘතිය පිලිබ`දව අත් පති‍්‍රකා බෙදු ධීවර නායකයින් දෙදෙනෙකුට එරෙහිව මීගමුව පොලිසිය විසින් ගොනු කරන ලද නඩුවේ තවත් එක් නඩු වාරයක් ඔක්තෝබර් 31 වැනි ස`දුදා දින පැවැත්විණි.  එම නඩුවේ පැමිණිලි පාර්ශවය ලෙස කටයුතු කල මීගමුව පොලිසියේ හිටපු මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නිසා පැමිණිලි පාර්ශවය අධිකරණයට ඉදිරිපත් නොවීම මත එම නඩුව නැවත එළඹෙන දෙසැම්බර් 12 වැනි දිනට කල් තැබිණි.  ඒ මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ඉදිරියේදීය.
මීගමුව පොලිසියේ හිටපු මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මීගමුව නගරයේ සී-ප්ලේන් ව්‍යාපෘතිය පිලිබ`දව අත් පති‍්‍රකා බෙදු සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත සහ මීගමුව කලපු ධීවර සංවිධානයේ සභාපති මාර්කස් ප‍්‍රනාන්දු යන දෙදෙනාව පොලිසියට කැදවා පසුව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රත්වරයා ඉදිරියට පමුණුවන තිබීණි. එහිදී මහේස්ත‍්‍රාත්වරයා ඇප මත එම ධීවර නායකයින් දෙදෙනා මුදා හැර තිබේ. මීගමුව පොලිසිය මගින් මේ ධීවර නායකයන් දෙදෙනාට එරෙහිව අධිකරණයේදී එල්ල කළ චෝදනාව වුයේ කැරැුල්ලක් ඇති කිරීමේ චේතනාවෙන් මහජනතාව ප‍්‍රකෝප කිරීමට කටයුතු කිරීමයි. ධීවර නායකයන් දෙදෙනා වෙනුවෙන් නිතිඥ ශාන්ත කිරඇල්ල මහතා ප‍්‍රධාන කොට නීතිඥ ශී‍්‍ර ලාල් ප‍්‍රනාන්දු මහතා ද පෙනී සිටිති. එහෙත් මෙම නඩු වාරයේදී සහ මින් ඉහත කැ`දවුන තවත් නඩු වාරයකදී මෙම විභාගය කල් දැමීමට අධිකරණයට සිදු වුයේ පැමිණිලි පාර්ශවය නියෝජනය කරමින් පැමිණිල්ල ඉදිරිපත් කළ  මීගමුව පොලිසියේ හිටපු මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට නොපැමිණ සිටීම නිසාවෙනි.
තුෂාර රොහාන්