spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුු මහනගර සභාවේ ටෙන්ඩර් අක්‍රමිකතා රැසක් !මහමොළකරු TO රන්මුතු !කොමසාරිස්තුමිය බුදි !

Must read

NGB MC 2මීගමුව මහනගර සභාවේ ටෙන්ඩර් පටිපාටින් සියල්ල අක්‍රමිකතා රැසකින් සමන්විත බව ඉතා විශ්වාස කටයුතු ආකාරයෙන් දැනගන්නට තිබේ.
මේ ටෙන්ඩර් වල ඇස්තමේන්තු මෙන්ම අනුමැතිය දිම්ද මහ සභාවට වෙට්ටු දමා හොරපාරවල් වලින් සිදුවෙන අතර  මේවායින් අතිබහුතරයක් ටෙන්ඩර්කරු විසින් ගිවිසුම් අත්සන් නොකර නගරාධිපතිගේ හිතවතුන් විම නිසා සිදුකරගෙන යන ඒවා බවද වාර්ථා වේ.MC and jayaweera
කිසිදු විනිවිද භාවයක් නැති මේ ටෙන්ඩර් ක්‍රමය හරහා වැඩ නිමකරනු ලබන ව්‍යාපෘති සදහා ගෙවිම් මුදාහැරිම සිදුකරනු ලබන්නේ නගරාධිපතිවරයා විසින් ආවරණ අනුමැතියකට යටත්වය.
එනම් මහසභාවේ අනුමැතිය පසුව ගැනිමේ බලාෙපාරොත්තුවෙන් ඊට පෙර මුදල් ගෙවිම් හමාර කිරිමට කටයුතු කරනු ලබයි.
මේ නිසා මේ ව්‍යාපෘතිවලප්‍රමිතිවල කිසියම් ප්‍රශ්ණයක් ඇත්තේ නම් හොර ඊට ආදාලව ඇති අනෙකුත් අක්‍රමිකතා ගැන මහසභාවක විමසා සිටියද ඒ වන විටත් මුදල් නිදහස් කර ඇති නිසා තවත් ගැටලුසහගත වෙයි.
නගරාධිපතිවරයා මේ සියල්ල හොර පාරේම බය නැතිව කරගෙන යන්නේ එයට පරිපාලන අධිකාරියේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියගේ මෙන්ම ඉජිනේරුවරියගේද ආශිර්වාදය මේ අනිතික ක්‍රියාමාර්ග වලට ලැබෙන නිසා විය යුතුය.
අනික් වැදගත්ම කරුණ වන්නේ විපක්ෂයේ එජාප මන්ත්‍රිවරුන් මේ වන විට පොහොට්ටු පාලනය සමගින් එකගෙයි දිගෙක පැටලි ඇති නිසාම මේ සියලු හොරමැරකම් නගරාධිපති දායන් ලංසා සිදුකරනු ලබන්නේ අත්දෙකට අමතරව කකුල් දෙකද ඔසවා ඒවා හොරකම් අනුමත කිරිමට කාවින්දගේ නායකත්වය ලබන බහුතරයක් එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය සුදානම් නිසාය.
සැබැවින්ම මිගමුව දිනවු එජාප පාක්ෂිකයන්ට දැන් පස්ස පැත්ත හරමින් මේ කෝචොක් දමන්නේ වෙනින් කව්රුත් නොව ඔවුන් විසින් ලංසා පවුලේ සල්ලි මලුවලට පයින් ගසා කොට්ටාශ දිනවා මහනගර සභාවට යැවු එජාප නාගරික මන්ත්‍රිලාමය.sunil-silva-MC--e1530778517315
මේ සියල්ලේ ආශිර්වාදයෙන් කොන්ක්‍රිට් චමින්ද නම්වු මිගමුව නගරාධිපතිවරයාගේ ප්‍රධාන නිළ කොන්ත්‍රාත්කරුවා කෝටිපතියන් බවට පත්වෙමින් තිබේ.
ආදායම් ලබන කිසිදු වෘත්තියක නියැලුනේ නැති නගරාධිපති දයාන් ලංසා රුපියල් ලක්ෂ 300 ඉක්මවු දැවැන්ත නිවාස හදන්නේ මේ කොන්ක්‍රිට් වසන්තය සිය ධුරකාලය පුරාවට තිබෙන බව ඉතා හොදින් දන්නා නිසාය.
මේ දිනවල ගම්පෙරළිය හරහා ලැබෙන මුදල් වලින් යහපාලන රජයට කිසිදු දේශපාලන වාසියක් නොලැබෙන අතර ලංසා පවුල සහ කොන්ක්‍රිට් චමින්දලා පමණක් ගොඩයමින් සිටිති.
මේ සියල්ලේ වංචා දුෂණ අනීතික ටෙන්ඩර් ගසාකෑම්වල මළමොළකරු වන්නේ කුප්‍රකට තාක්ෂණික නිළධාරි රන්මුතුය.

මාධ්‍යවේදියෙකුට මහදවල් නගර සභාවේදිම පහර දුන් මැරයෙකු සමගින් සිනාමුසු මුහුණින් සිටින කොමසාරිස්වරිය
මාධ්‍යවේදියෙකුට මහදවල් නගර සභාවේදිම පහර දුන් මැරයෙකු සමගින් සිනාමුසු මුහුණින් සිටින කොමසාරිස්වරිය

නිලයට තරම් වන සුදුසුකම් නැති තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියද තමන්ගේ වාසි තකා මේ සකලාකාර හොරකම් වලට අත්ඔසවා සහය දෙමින් සිටි.
මේ සියළු වංචනිකයන් තක්කඩියන් මැද අසරණභාවයට පත්ව ඇති ඉජිනේරුවරිය  නිහඩව සිටිමෙන් කරන්නේද මේ ජඩකම්වලට ආවරණය සැපයිමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article