spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු ටෙලිකොම් එකේ පාස්වර්ඩ් හොරු .?

Must read

92926921_101236128231805_73609254052823040_nමේ දිනවල හෙළිදරව් වෙමින් ඇත්තේ මිගමුවේ රාජ්‍ය ක්ෂේත්‍රයේ විවිධ හොරුන්, වංචා කාරයන් ගැනය.ඒ අය අතරට තවත් හොරු පිරිසක් දැන් ඇතුලත්ය. ඒ පාස්වර්ඩ් හොරුන්ය .
මේ අය සිටින්නේ මිගමුවේ ටෙලිකොම් එකේය.
ටෙලිකොම්  බ්‍රොඩ්බැන්ඩ් අන්තර්ජාල සම්බන්ධය ලබාගැනිමේදි එයට අදාල මුර පදය ( පාර්වර්ඩ් එක) සකසා දෙන්නේ ටෙලිකොම් සේවකයන් විසින්මය.
ඒකි සම්බන්ධතා මිළට ගැනිමට එන බහුතරයක් ආරක්ෂිත මුරපද ගැන මෙලෝ දෙයක් නොදන්නවා විය හැක.එම නිසාම පළමුව ලබා දෙන මුරපදයම බොහෝ දෙනෙකු දිගටම භාවිතා කිරිමට පුරුදුව සිටිති.

කෙසේ වෙතත් මේ හොරු ගැන දැනගන්නට ලැබුනේ පසුගිය කාලය තුල පාරිහෝගිකයන් කිපදෙනෙකුටම මුහුණ දිමට සිදුව තිබුන අමිහිරි අත්දැකිම්ද සමගිනි.
මේ එක් අත්දැකිමට අනුව අදාල පාරිහෝගිකයා විසින් මිලට ගෙන තිබුණ රවුටරය මසකටත් අධික කාලයක් ක්‍රියාවිරහිතව පැවැතී ඇත.
කොරෝනා තත්වය හමුවේ ඒ ගැන සොයා බලා පිලියම් කිරිමටද අදාල නඩත්තු සේවයකයන් පැමිණ තිබුනේද නැත. කෙසේ හෝ නඩත්තු සේවකයන්ගේ පැමිනීමෙන් පසු වයිෆයි රවුටරයට අලුත් රවුටරයක් දැමිය යුතු බව නඩත්තු සේවකයන් පැවසීම හේතුවෙන් තවත් අමතර රු.5000ක්ද ගෙවා අලුත් රවුටරයක් මිලදී ගැනීමට මෙම පාරිභෝගිකයන්ට සිදුව ඇත.

එසේ අලුත් රවුටරයක්ද දමා නැවතත් අන්තර්ජාල සම්බන්ඳතාවය ලබාගත් මෙම පාරිභෝගිකයාට එදින සිට දින දෙකක් ඇතුලත ඒ මස සදහා ලැබී ඇති GB ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව දැනගන්නට ලැබෙන්නේ අන්තර්ජාල වේගයේ අඩුවීම ගැන විමසිලිමත් වන අවස්ථාවේදීය. මාසකට අධික කාලයක් ක්‍රියාවිරහිතව පැවති සම්බන්දතාවයට අයත් සියලුම GB ප්‍රමාණය Night time data ප්‍රමාණයද ඇතුලුව අවසන්ව තිබින.මේ සම්බන්දයෙන් ටෙලිකොම් ආයතනයෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් සදහන් කර ඇත්තේ මෙම පාරිභෝගිකයාගේ වයිෆයි රවුටරයේ මුරපදය යොදාගෙන වෙනත් කෙනෙකු විසින් ඔවුන්ගේ දත්ත භාවිතා කර ඇති බවකි.
එසේ නම් එසේ කරන්නට ඇත්තේ කව්දැයි යන්න ගැන විමසුමක් කිරිමට මිගමුවේ ටෙලිකොම් වෙතට ගොස් අදාල කවුන්ටර් වලට දැනුම් දුන්නද ඒ නෝනාල එකි පැමිණිලි ගණන් ගන්නේවත් නැතිව කියා තිබුනේ කව්රු පාවිච්චි කළත් කරන්නට දෙයක් නැ ගෙවන්නට සිදුවන බවය.පසුව අදාල පාරිහෝගිකයා තමන්ට සිදුව ඇත්තේ ආසාධාරණයක් බව කිවද මේ නෝනාලා ටික ගණන් ගෙන තිබුනේ ද නැත.අඩුම තරමින් තමන්ගේ පාරිභෝගිකයෙකු පැමිණිල්ලක් කරද්දි එයට ඇහුම් කන් දි ආදාල තැන්වලට යොමු කිරිම සිය වෘත්තිය ආචාරධර්ම වලද කොටසක් බව මේ නෝනලාට කව්රුන් හෝ විසින් යළිත් මතක් කර දිය යුතුව ඇත.
මේසේ මුරපද දෙන අය විසින් ඒවා ගැන දන්නේ නම් ඒ අය විසින් ඒවා ඉතා හොදින් හොරෙන් භාවිතා කරන බවට දැන් සැක නැත.
මේ ගැන වාසනාවට දැනගත හැකිව තිබුනේ ආදල රවුටරය ඒ මාසය තුල කැඩි තිබුණ නිසාය.
ඉන් කියැවෙන්නේ එසේ නොවන අයගේ දත්ත මේ අමන හොරුන් විසින් පාවිච්චි කර තිබුනද ඒවා ගැන දැනගැනිමට හැකිකමක් බොහෝ විට නොලැබෙන බවය.
එබැවින් සැබැවින්ම මෙසේ අන්තර්ජාල දත්ත පැකේජය අයතා ලෙසින් භාවිත කර ඇත්තේ කව්රුන්ද යන ආදල පාරිහෝගිකයන් වෙත හෙළිකර දිමේ වගකිම සැබැවින්ම ටෙලිකොම් ආයතනයට දැන් පැවරි තිබේ.
මේ ගැන මිගමුව ටෙලිකොම් ආයතනයේ කළමණාකරු වහා මැදිහත්විය යුතුව තිබේ.
ඒ මුරපද හොරුන් කව්දැයි හෙළිකිරිමට අපද බලා සිටින්නෙමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article