spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගර පාලනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Must read

     ඊයේ ( 15 ) මීගමු නගරයේ  ඉරණම තීරණය වන මාධ්‍ය සාකච්ඡාවක්  කැඳවා තිබිණ . ස්ථානය ෂෙරිලෑන්ඩ් හෝටලයයි. මෙම කැඳවීම කර තිබුණේ මීගමු නගර සභාවේ නාගරික මන්⁣ත්‍රී වරු කිහිප දෙනෙකුගේ එකමුතුවෙන් සැදුම්ලත් සංවිධානයක් විසිනි. එය නම්කර තිබුනේ "ඒකාබද්ධ විපක්ෂය " යනුවෙනි . එහි ප්‍රධාන අරමුණ ලෙස දක්වා තිබුණේ " දූෂණයට එරෙහිව " යනුවෙනි .

මෙහිදී මතකයට නැගෙන්නේ මීතොටමුල්ල ගිනිකන්දයි. කුනු එකතුවී කන්දක් බවට පත්වූ පසු එය දරා ගැනීමට නොහැකිව ඇතුලතින්ම මීතේන් වායුව නිර්මාණය වී ගිනිකන්දක් සේ පුපුරා ගිය ආකාරය අපි දැක්කෙමු . අද මීගමු මහ නගර සභාවේද එවැනි තත්ත්වයක් අත්දකිමින් සිටින බව ඉහත කී මාධ්‍යසාකච්ඡාව තුළ අදහස් දැක්වූ නාගරික මන්⁣ත්‍රී වරු දැක්වූ අදහස් අනුව පැහැදිළිවේ.

මීගමුව මහ නගරසභාවේ පවතින දූෂණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. මේ පිළිබඳව කරුණු දක්වමින් මෙම නාගරික මන්⁣ත්‍රී වරු දක්වා සිටියේ මෙය නගර සභාවකට එරෙහි පවරන පළමු නඩු කටයුත්ත බවයි. කලක් තිස්සේ එක පවුලක් විසින් ගෙනයන මෙම දූෂිත පාලනය හේතුවෙන් ජනතාව පීඩාවට ලක්වී සිටින බවත් , ඒ නිසා විශේෂයෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මෙම අදහස් දැක්වීම අනුව මන්⁣ත්‍රී වරු කරුණු පැහැදිළි කරන ලදී .
ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ටෙන්ඩර් ක්‍රියාත්මක කිරිම, පළාත් පාලන ආයතනවල කාලය ලබන වසරේ පෙබරවාරි මාසයේ අවසන් විමට නියමිතව තිබියදි වසර 3 ක කාලයක් සදහා මිගමුවේ කුප්‍රකට වෙරළ උද්‍යාන ටෙන්ඩරය සහ පොළවල් ඇතුළු ටෙන්ඩර් රාශියක් මෙවර ටෙන්ඩර් නොකැදවාම වත්මන් ටෙන්ඩර් කරුවන් හට සියයට ගණණක් වැඩිකරමින් යළිත් වරක් ලබාදි තිබිම, විශේෂයෙන්ම 2003 වසරේ සිට නගරාධිපති දයාන් ලංසාගේ පියාට වෙරළ උද්‍යානය බදුදිමට කටයුතු කර තිබිම අකටයුතුකම් රාශියක් මෙම නඩුවලට නිමිත්ත වි තිබුණි.



මෙහිදී ප්‍රථමයෙන් අදහස් දැක්වූ කපිල නන්ද සුලෝචන මන්⁣ත්‍රී වරයා තම අදහස තුළ දක්වා සිටියේ මෙය ජනතා මුදල් බලහත්කාරයෙන් මංකොල්ලකෑමක් ලෙසය. මේ අනුව සාමාන්‍යයෙන් නගර සභාවක කටයුතු වලදී සිදුවිය යුතු ආකාරයට වඩා වෙනස්ව යමින් , ටෙන්ඩර් , ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව නගරයේ මෙම බදුදීමේ කටයුතු ඒකාධිපති ආකාරයකින් සිදුවූ බවයි.මේ හරහා කෝටි ගණනාවක මුදල් අවභාවිතයේ යෙදී ඇති බවද ඔහු සඳහන් කරයි.
මීගමු නගර සභාවේ විටින් විට සිදුවන මෙම දූෂිත තත්ත්වයට එරෙහිව පළාත් පාලන ප්‍රධානීන්ට, ආණ්ඩුකාර තුමාට, රජයේ ආයතන වලට පැමිණිලි ඉදිරිපත් කළ නමුත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බව සඳහන් කළ කපිල මන්⁣ත්‍රී වරයා කියා සිටියේ අවසානයේ නීතිය ඉදිරියට යාමට තීරණය කළ බවයි.
මේ අනුව ඒකාබද්ධ විපක්ෂය නමින් නගරාධිපති , ලේකම් ඇතුළු වගකිවයුතු කිහිප දෙනෙකුට එරෙහිව මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩුව පැවරූ බවයි.


මේ ගැන අදහස් දක්වන සංගීත් මන්⁣ත්‍රී වරයා ….
” විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මස්කඩ, බීච්පාක් එක, නගරසභාව ඉදිරියේ ඉදිවන පුස්තකාලය ආදී මේ සියල්ල එකට එකතු කර ගනිමින් මේ ආණ්ඩු පක්ෂය ප්‍රබල අන්දමින් දැවැන්ත දූෂණයක් සිදුකරනව. මම හිතන්නෙ ඒක දහස් ගණන්, ලක්ෂ ගණන් වලින් නෙවෙයි , කෝටි ගණන් වලින් වන දූෂණයක් අපේ ඇස් දෙකට පේන්න තියෙනවා .අපි දවස ගානෙ මේව ගැන කතා කරනව. අද මීගමු නගරසභාවට මාධ්‍යට එන්න අවස්ථාව සලසල දීල නෑ. මීගමු නගරසභා බල ප්‍රදේශය තුළ ඉන්න ජනතාවට මේව දැනගන්නට ඉඩ සලසා දීම නගරාධිපතිවරයාගෙ වගකීමක් .ඔහු පේස් බුක් එකේ තමන්ට වුවමනා දේ පමණක් දාන්න වැඩකටයුතු සකසා ගෙන තියෙනව.”



සුමිත් ප්‍රනාන්දු මන්⁣ත්‍රී වරයා දැක්වූයේ මෙවන් අදහසක්……
” අපි පසුගිය මහ සභාවලදි දිගින් දිගටම ⁣නගරසභාවෙ ටෙන්ඩර් ගැන වාද කළා. මේ අය ටෙන්ඩර් එක පේලියකට අරගෙන තමන්ගේ හිතවතුන්ට ලබාදෙන්න කටයුතු කළා. සෙනසුරාදා රාත්‍රි පොල ඉඳන් වැසිකිළිය දක්වා එක ජාලයකට අරගෙන තමයි මීගමු නගරසභාවේ ටෙන්ඩර් කරන්නෙ . ඒකට විරුද්ධව අපි හඬ නැගුව .කොමසාරිස් තුමිය ඇතුළු ඉහළ නිලධාරීන් දැනුවත් කළා.නමුත් ඒ කිසිවකට උත්තර නෑ.නීතිරීති , අතුරු ව්‍යවස්ථා තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ යන මේ රාමුව තුළ තමයි කටයුතු සිදුවෙන්න ඕනෙ. නමුත් මීගම නගරසභාවෙ එහෙම වෙන්නෙ නෑ. ඒනිසා මීගමු නගරසභාව දූෂිතම නගරසභාව කියල අපි හිතනව. ආණ්ඩු පක්ෂයේ මන්⁣ත්‍රී වරු 48 දෙනෙක් හිටියත් වැරැද්ද දිගටම සිද්ද වෙනව. ඒනිසා අපි මන්⁣ත්‍රී වරු හැටියට තීරණය කළා නීතිය ඉදිරියට යන්න .මම දකින්නෙ මේක පාලනය වෙන්නෙ එක පවුලකින්. මිනිස්සු ඡන්දය දීල පත්කළ මන්⁣ත්‍රී වරයට තම ජනතාව වෙනුවෙන් හඬ නගන්න අවස්ථාවක් තියෙනවද ? කියන එක ප්‍රශ්ණයක් .

ප්‍රදීප් චාමර මන්⁣ත්‍රී වරයා තම අදහස් දැක්වීම කළේ මෙසේය .
” ලංකාවෙ පළාත් පාලන ආයතන වලින් දූෂිතම නගරසභාව මීගමු නගරසභාවයි. අපි 7 දෙනෙකුගේ මූලිකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය හැටියට එකතුවෙල ඉන්නෙ මීගමුවෙ බදු ගෙවන 160,000කට අධික ජනතාව වෙනුවෙන් . වෙරල උද්‍යානය , මීගමු බස් නැවතුම්පල , පාක් එක සුද්ධ කිරීම සහ ආරක්ෂා කිරීම ආදිය පිළිබඳ ගනුදෙනු රැසක් සම්පූර්ණ විනිවිද භාවයෙන් තොරව තමයි සිද්ද වෙන්නෙ . මේක ඉතාම කැත ,ජඩ විදිහට තමයි නගරසභාවෙ පාලනය වෙන්නෙ . සභාව තුළ මේව ගැන කතාකරන්න ඉඩකඩ අඩුයි.

මේවට විරුද්ධ එකම යෝජනාවකටවත් අවස්ථාව දීල නෑ. ඒකාධිපති පාලනයක් තියෙන්නෙ . මෙම දූෂිත පාලනයට එරෙහිව අපි ශේෂ්ඨාධිකරණයට ගිහිල්ල තියෙන්නෙ . අපි විශ්වාස කරනව දූෂිත පාලනය පරාජය කරල මීගමු ජනතාවට ජයග්‍රහණය අත්පත් කරල දෙන්න පුළුවන් කියල “


මෙම ඒකාබද්ධ විපක්ෂයේ එකම කාන්තා නියෝජනය වන කාංචනා මන්⁣ත්‍රී වරිය පළකලේ මෙවන් අදහසකි.
” අපේ සමහර මන්⁣ත්‍රී වරුන්ගෙ සහ නායකයින්ගෙ කොඳු බිඳවැටිල තියෙන්නෙ . නමුත් හැමදාම මේ දූෂණයට ඉඩ දෙනවද යන්න හිතල අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට එලියට බැස්ස. මේ දූෂණයට එරෙහිව අපි හැම තැනම ගියා. අපි පළාත් පාලන අමාත්‍යාංශයට ගියා, ලිඛිතව දැනුම් දුන්න , හැබැයි ඒ හැම තැනකින්ම සාධාරණයක් වුනේ නෑ. මේ නගරසභාවෙ අතුරු ව්‍යවස්ථා , ආයතන සංග්‍රහ , වරින් වර රජයෙන් නිකුත් කරන චක්‍රලේඛ මේ හැම එකක්ම කඩකරන්න පටන් ගත්ත .ඉන්න බැරිම තැන තමයි අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට එලියට බැස්සෙ. දිගින් දිගටම අපි මේ අයතා ගනුදෙනු වලට එරෙහිව නඩුවක් ගොනුකරා. මේ අපේ එක පියවරක් විතරයි . තවත් පිරිසක් ඉන්නව අපිත් එක්ක එකතු වෙන්න.”

This image has an empty alt attribute; its file name is IMG_20211016_192628-1024x713.jpg



මේ වෙනුවෙන් අදහස් දක්වන නාමල් වේවැල් දෙනිය මන්⁣ත්‍රී වරයා..
” මීගමුව මහ නගරසභාවේ නගරාධිපතිවරයා සහ ඇතැම් නිලධාරීන් මීගමු ජනතාවගේ බදු මුදල් මහ නින්දිත ලෙස විනාශ කරමින් ඒවා තමන්ගේ සුඛ විහරණය සඳහා තමන් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන, බැලමෙහෙවර කරන පිරිස් වෙනුවෙන් භාවිතා කරනවා.
මේ නගරාධිපති පත්වන විට මීගමු නගරසභාවේ සේවක අර්බුදයක් තිබුණා. 22ක පමණ සේවක අඩුවක් . නමුත් අතිරික්තයක්ද තිබුණා 32 ක පමණ. නමුත් නගරාධිපතිට ඕන වෙනව තමන්ට ඡන්දය දීපු අයට සළකන්න . ඒ අනුව ලංකාව පුරා 273 ක් වසරකට සේවයට බඳවා ගන්නවා. මේ අය සඳහා මීගමුවෙ බදු ගෙවන ජනතාවගෙ බදු මුදල් වසරකට කෝටි 10 ක් වැය වෙනව.වසර 4 කට කෝටි 40යි. මීට පෙර කෝටි 8 ක අතිරික්තයක් තිබුණා .මේ අය අර සල්ලිත් විනාශ කරල ,බදු සල්ලිත් විනාශ කරල අද බැංකුවට ණයවෙල තියෙනවා. මේ දූෂණය නැති කරන්න තියෙන එකම තැන නීතියයි. ඒකයි අපි උසාවියට යන්නෙ”
අවසාන වශයෙන් කපිල නන්ද සුලෝචන මන්⁣ත්‍රී වරයා දැඩි අවධානයකට යොමුකළ යුතු කරුණු කිහිපයක් මතු කළේ මෙසේය.
” වාර්ෂිකව මීගමු මහ නගරසභාවේ දේපල 20 ක් 25 ක් පමණ බදු දෙනව. ඒක වසරක් පාසා සිදුවෙනව. සාමාන්‍යයෙන් රටේ තිබෙන නීතිය අනුව පළාත් පාලන නීතිය අනුව ඒ බදු දීම් වලදී විනිවිදභාවයක් සහිතව, පත්තර දැන්වීම් සමඟ, ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු නගරයේ ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් . නමුත් ටෙන්ඩර් නොකර ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව තමන්ගේ හිතවතුන්ට , තමන්ගේ ඥාතීන්ට , තමන්ගේ දෙමව්පියන්ට මේ බදුදීම කරනව.

“මේක අපි විටින් විට විපක්ෂයක් හැටියට නගරාධිපතිවරයාට මේ කොමසාරිස් වරියට දැනුම් දුන්න.අපිට මේ අය මෙල්ල කරන්න බෑ. රටේ නීතිය ප්‍රමාණවත් නෑ මේ අය මෙල්ල කරන්න . මේ ටෙන්ඩර් සමඟ තවත් විශේෂ කාරණයක් තියෙනව. මීගමු නගරයේ විශාලම පුස්තකාලය මීගමු නගරසභා භූමිය තුළ ඉදිකරන්නෙ. ඒක පසුගිය කාලෙ ඉදිකරමින් තිබිල , අතුරු වැඩ කොටස් කරන්න තියෙනව කෝටි 10 ක අැස්තමේන්තුවක් සමඟ .මේකට මැදිහත් වෙනව එක්තරා T .O. කෙනෙක් .ඔහු වංචාවක් නිර්මාණය කරල , ඩීල් එකක් නිර්මාණය කරල විවිධ කරුණු කියමින් කෝටි 13 කට ටෙන්ඩරය ලබාදෙන්නෙ කෝටි 10 ක ඇස්තමේන්තුවක් හදල තියෙද්දි. ඉතිරි කෝටි දෙකහමාර සම්බන්ධව කිසිදු දැනුම් දීමක් නෑ. ඒ නිසා තමයි අපි ශේෂ්ඨාධිකරණයේ පිහිට පතන්නෙ”

” යම් විදිහකට මෙකෙන් පස්සෙ අපිට කැලේ නීතියෙන් අභියෝග එන්න පුළුවන් .ඒ අභියෝග ගැන අපි හොඳාකාරව දන්නව, අධ්‍යයනය කරල තියෙනව. අපේ මන්⁣ත්‍රී වරු එක්ක සාකච්ඡා කරල තියෙනව. ඒ අභියෝග භාරගන්න බලාගෙන තමයි අපි මේ කටයුත්තට බැස්සෙ . මේක මෙතනින් ඉවර කරන්නෙ නෑ. අපි තව ෆයිල් 10ක් හදල තියෙන්නෙ නගරසභාවේ විවිධ දූෂණ ,විවිධ ටෙන්ඩර් ,සියළුම මුදල් සොරාගැනීම්, සොරාකෑම් ගැන .
විශේෂයෙන් මට කියන්න තියෙන්නෙ කොමසාරිස් වරිය තමයි මේ හැම දේකටම සහයෝගය දක්වල තියෙන්නෙ . ඊට අමතරව නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා මේ හැම දේකටම සහයෝගය දෙන. අපි ඒවට විරුද්ධව කටයුතු කරනවා”
සටහන – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article