මීගමුව මහා නගර සභා සීමාව තුළ ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මීගමුව නගරාධිපති රොබට් හින්කෙන්ද අද (24/09/2025) දැඩි ප්‍රකාශයක් සිදුකළේය. ඔහු මෙලෙස දැඩි ප්‍රකාශයක් කළේ සැප්තැම්බර් මාසයට අදාළ මීගමුව සංවර්ධන කමිටු රැස්වීම අතරතුරේය.
එහිදී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ මීගමුවේ අනවසර ඉදිකිරීම් පිළිබඳව විවිධ අය සිදු කරනු ලබන පැමිණිලි තමාට නිතරම ලැබෙන බවයි. විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියේ දී පවා එලෙස මීගමුවේ අනවසර ඉදිකිරීම් පිළිබඳව පැමිණිලි දුරකථන ඇමතුම් මගින් ද තමාට යොමු කරන බවත්, එවැනි අවස්ථාවල නින්දෙන් අවදි වී හෝ එම දුරකථන ඇමතුම් වලට සවන් දී එම පැමිණිලි භාරගන්නා බවත් ඔහු පැවසීය.
ඒ අනුව ඔහු මීගමුවේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන වගකිව යුතු නිලධාරීන් හට පවසා සිටියේ කොයි අවස්ථාවක හෝ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන අනවසර සිදුවන ඉදිකිරීම් පිළිබඳව පැමිණිලි මහා නගර සභාවට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ නොවේසේ නම් පොලිසියට හෝ නැතහොත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පැමිණිලි කළහොත් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක විය යුතු බවයි.
එලෙසම ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා පැවසුවේ මීගමුව තුළ සිදුවෙන අනවසර ඉදිකිරීම් ,මීගමුවට මේ වන විට විශාල ගැටලුකාරී තත්ත්වයන් මතුකර ඇති බවයි. මෙම අනවසර ඉදිකිරීම් නිසා නගර අලංකරණය නිසි ලෙස සිදු කිරීමට නොහැකි බවත්, එලෙසම ගංවතුර පාලනය කිරීමටද නොහැකි බවත්,තවද නිසි ලෙස කසල කළමනාකරණයටද එය විශාල බාධාවක් වී ඇති බවත් නගරාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ වන විට ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවද ඔහු මෙහිදි කිවා සිටියේය.
එය විශාල කාර්යභාරයක් බවත් , ඔහු ප පසුගිය අනවසර ඉදිකිරීම් එලෙස ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා අතරේ දැනට අවශ්‍ය වන්නේ මෙතැන් පටන් සිදුවෙන අනවසර ඉදිකිරීම් නවතාලීම බවද මෙහිදී නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එලෙසම මෙහිදී නගරාධිපතිවරයා දැඩිව අවධාරණය කළේ මෙතැන් පටන් මීගමුව මහා නගර සභා සීමාව තුළ කිසිදු ආකාරයක අනවසර ඉදිකිරීම් සිදුකිරීමට කිසිසේත්ම තමන් ඇතුළු මහා නගර සභාව ඉඩ නොදෙන බවය
එනිසා සිය කතාව අවසානයේදී නගරාධිපතිවරයා අනවසර ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අනවසර ඉදිකිරීම් සම්බන්ධව ක්‍රියාත්මක වීමට කිසිසේත්ම පසුබට නොවන ලෙසය
අද දින මීගමුව නගර ශාලාවේ පැවති මෙම සැප්තැම්බර් මාසයට අදාල සංවර්ධන කමිටු රැස්වීම , මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නගරාධිපතිවරයාට අමතරව මීගමුව ප්‍රාදේශීය ලේකම්වරිය සහ නියෝජ්‍ය නගරාධිපතිවයා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
මේ අතර මිගමුව නගරයේ ඇති අනවසර ඉදිකිරිම් කිපයක් වෙත නගර සභාවේ අදාල නිලධාරින් විසින් ඒවා සති දෙකක් ඇතුලත ඉවත්කරගත යුතු බවට වන ලිපි භාර දි ඇත්තේ මිට සතිගණනාවකට පෙර වුවද කිසිදු අනවසර ඉදිකිරිමක් මෙතෙක් කඩා ඉවත් කිරිමට මිගමුව මහනගර සභාව ක්‍රියාත්මක නොවිම සැබැවින්ම විමතියට කරුණකි.



පුරපතිගේ.මේ දැඩි ප්‍රකාශයෙන් පසුද ඒවා ක්‍රියාත්මක නොවන්නේද යන ප්‍රශ්ණය මතු කළ යුතුව තිබේ.
පුරපති අද සම්බන්ධිකරණ කමිටුවේදි කළ බරපතල ප්‍රකාශයට අනුව මුලින්ම කළ යුතුව ඇත්තේ දින 14 ක් ඇතුලත කඩ ඉවත් කරගන්නා ලෙස ලිපි මගින් දැනුම් ඇති අනවසර ඉදිකිරිම් ගැන තීන්දුවක් ගැනිමය.
එසේ නොවන්නේ පුරපතිගේ අද දින ප්‍රකාශය යනු තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් වනු ඇත.
දැන් විසිල් ඇති, පුරපතිතුමෙනි බල්ටි පටන් ගමු..












