spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ ඩෙංගු රෝගීන් 250ක් ! කාර්ය මණ්ඩල හිඟය නිසා ජීවිත අනතුරේ!

Must read

NGB hospitalඩෙංගු රෝගීන් සුවපත් කිරීමේදී පෙන්වා ඇති සාර්ථක ප්‍රතිඵල නිසා මේ වනවිට මීගමුවට පිටස්තරව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණීමේ හේතුවෙන් මීගමු රෝහල තුළ අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටී.
එසේ පැමිණෙන සියළු රෝගීන් සුවපත් කිරීමට නම් හාස්කම් වැනි දෙයක් තිබිය යුතු බව එක් වෛද්‍යවරයෙකු ප්‍රකාශ කරනු අසන්නට ලැබින .
මන්ද මේවනවිට දැනට ඇති හෙද, හෙදි සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව පැහැදිළිය . මේ තත්වය මත අද (23 ) මිගමුව රෝහලේ සිටින ගණන 250 කට අධික බව සඳහන්වේ.

3 සහ 4 වාට්ටුවල පමණක් රෝගීන් 131 ක් ඇත .මීට අමතරව 19, 20, 08, 15යන වාට්ටුවලද ඩෙංගු රෝගීන් ඇත .
මෙසේ තිබියදී මෙම වාට්ටුවල සිටින හෘදරෝගීන් , දියවැඩියා රෝගීන් , අංශභාග රෝගීන් , නිව්මෝනියා වැනි රෝගීන්ද ප්‍රතිකාර ලබන බැවින් , එම රෝගීන් පිළිබඳවද අවධානය දිය යුතුව ඇත .
මෙම තත්වය හමුවේ දැඩි අපහසුතාවයකට පත්ව ඇති කාර්‍යමණ්ඩලයද අදාල රෝගීන් වෙනත් ප්‍රාදේශීය රෝහල් කරා මාරු කර යැවීම වැනි විකල්ප විසඳුම් කරා යොමුවී ඇති බවද කියැවේ.
මීගමුව ⁣මහ රෝහලේ මුල් කාලීනව කිසිදු රෝගියකු මරණයට පත් නොවී ප්‍රතිකාර ලබා සුවවී ගිය නමුත් මේවනවිට ඩෙංගු රෝගය නිසා පසුගිය ජුලි මාසයේ සිට  12 කු මියගොස් තිබේ.මේ අතර දරුවන් තිදෙනෙකුද වෙයි.
රෝහල් බලධාරීන් විසින් වාට්ටු තුළ දැඩි නිරීක්ෂණ ඒකක පිහිටුවාලීම ඒ සඳහා ගත් එක් විකල්ප විසඳුමකි. ඒ අනුව 3,4;යන වාට්ටුවල දැඩිනිරීක්ෂණ ඒකක දෙකක් පිහිටුවන ලදී . නමුත් එහි ඇඳන් අැත්තේ 22 කි.
මේ සියළු කරුණු සළකා බලන විට මතුවී ඇති කාර්‍යමණ්ඩල හිඟය ඉක්මනින්ම පියවා නොගතහොත් තව තවත් රෝගීන් මරණය කරා යොමුවීම නොවැළැක්විය හැකි ය.
මේ නිසා මේගැන අවධානය යොමුකර ඉක්මන් විසඳුමක් ලබාදෙනමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු සියළු වගකිවයුත්තන්ගෙන් අප ඉල්ලා සිටිමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article