spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ හෘදරෝග ඒකකය පිහිටුවීමේ කටයුතු අරඹයි.!

Must read

IMG-20191121-WA0010IMG-20191121-WA0009මීගමුව රෝහලට විශාල අඩුපාඩුවක්ව තිබුනු හෘදරෝග ඒකකයක් පිහිටුවීමට අදාලව නොවැම්බර් 13 දින චාරිත්‍රානුකූලව සර්ව ආගමික කටයුතු සිදුකරමින් අාරම්භ කරන ලදී .IMG-20191121-WA0012
.IMG_20191121_145540IMG_20191121_145406IMG_20191121_145444මීගමුව රෝහල් පදනමේ සභාපති ක්‍රිෂාන්ත දල්පදාතු මහතා සහ රෝහලේ කාර්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ සඳහා දැඩි කැපවීමකින් කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. මේ මොහොත වනවිටත් එහි මූලික අධියරට අවශ්‍ය කටයුතු සැකසෙමින් පවතින බවත් , දෙසැම්බර් 15 වනවිට පලමු අධියරට අදාල දැඩිසත්කාර ඒකකයේ වැඩ නිමකර භාරදෙන බවත් , ක්‍රිෂාන්ත මහතා පවසයි .
එමෙන්ම ජනවාරි 30, 31 වනවිට සියළු දෑ අවසන් කර අංගසම්පූර්ණ හෘදරෝග ඒකකයේ කටයුතු නිමාකර භාරදීමට හැකි බව ඔහු තවදුරටත් පවසයි .මෙහි කටයුතු අවසන් වූ පසුව කුරුණෑගල මහ රෝහල හැරුණු විට හෘදරෝග ඒකකයක් වශයෙන් නොමිලේ සේවා සැපයීමට හැකි එකම රජයේ රෝහල ලෙස මීගමුව මහ රෝහල පෙන්වා දිය හැමේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට රෝහල් පදනම විසින් දැනටමත් අදාල රාජ්‍ය අායතන සහ පුද්ගලයින් හමුවී සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඇත . මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය , පොලිස් අධිකාරිතුමා , ආදායම් බදු කොමසාරිස් ආදී වශයෙන් හමුවීමේදී ඔවුන්ගේ ස⁣හයෝගය නොඅඩුව ලබාදෙන බවට පොරොන්දුවී ඇත .
මෙය අති විශාල මුදල් ප්‍රමාණයක් වැයවන කටයුත්තක් වන බැවින් එහි විනිවිද භාවය රැක ගැනීම වැදගත්ය . ඒ අනුව විශ්වාසය තැබිය හැකි පුද්ගලයින්ගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක්ද පත්කර ඇත .
දැන් සියල්ල සැකසෙමින් පවතින මේ මොහොතේ මෙම හෘදරෝග ඒකකය පිහිටුමේ මහඟු කාර්‍ය සඳහා සියළු පරිත්‍යාගශිලීන්ට මැදිහත් වන්නැයි අපි කාරුණිකව ආරාධනා කරන්නෙමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article