මීගමු වෙරළ තිරය රැකගන්න යුද හමුදාවෙන් පවිත්‍රතා මෙහෙයුමක්

0
540

WhatsApp Image 2025 07 31 at 06.41.31 4e40caeaමෙරට සුන්දරත්වය විදහාපාන රට වටා පිහිටි අලංකාර මුහුදු වෙරළ, තීරය පවිත්‍ර කර පිරිසිදු සහ ආකර්ශනීය මුහුදු වෙරළ තීරයක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව “ක්‍ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනට සමගාමීව සංවිධානය කල වෙරළ පවිත්‍රතා වැඩසටහනක්  2025/07/29 දින පෙරවරුවෙිදී , මීගමුව ඒත්තුකාල, වෙරළ උද්‍යාන වෙරළ තීරයේදී ආරම්භ කලේය.
මෙම වැඩසටහන් මාලාව තුළින් මෙරට දිස්ත්‍රික්ක 14 ක වෙරළ තීරයන් 255 ක් එදින පවිත්‍ර කිරීමට නියමිතව තිබිණ. මෙලෙස මීගමුව, වෙරළ උද්‍යාන පරිශ්‍රයේ සිට ආරම්භ කරනු ලැබූ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන, ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ උපදේශකත්වය සහ දායකත්වය මත සංවිධානය කර තිබිණි.
ඒ අනුව මීගමුව, කුට්ටිදූව මාළු ලෙල්ලම සිට කොච්චිකඩේ මෝයකට ප්‍රදේශය දක්වා කිලෝමීටර් 09.2 ක දුරින් යුත් වෙරළ ප්‍රදේශය මේ අනුව පවිත්‍ර කිරීම සිදු කළහ.
මෙම අවස්ථාවට   ආරාධීතයන් ලෙස ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම් ආසිරි වීරසේකර, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි, සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක යු.එච්.වන්නිආරච්චි යන මහත්ම මහත්මාවීන් ඇතුළු මීගමු මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් සමග රාජ්‍ය නිලධාරින් රැසක් ද, තවත් ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද සහභාගි වූහ.WhatsApp Image 2025 07 31 at 06.41.28 af175c39 WhatsApp Image 2025 07 31 at 06.41.29 25cbc20f WhatsApp Image 2025 07 31 at 06.41.30 fe1a1acf WhatsApp Image 2025 07 31 at 06.41.29 b8edf3d5 WhatsApp Image 2025 07 31 at 06.41.29 747ec3d7 WhatsApp Image 2025 07 31 at 06.41.31 92971b33
මෙම පවිත්‍රතා වැඩසටහන සංවිධානය කරමින් එය මෙහෙයවූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු අංක 141 වන බල සේනා මූලස්ථානයේ, බල සේනාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම මහතා පිළිගැනීමේ කතාව පැවැත්වු අතර ඒ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ මුහුදු වෙරළ තීරයට සතුටු වීමට සහ එහි අසිරිය භුක්ති විඳීමට පැමිණෙන පිරිස් විසින්ම මෙලෙස වෙරළ අපවිත්‍ර කර එහි සුන්දරත්වයටත් එහි අලංකාරයටත් විශාල හානියක් සිදු කරන බවයි.  පසුගිය කාලයේ මීගමු වෙරළ තීරයට ආසන්න මුහුදේ, නැවක් ගිනි ගැනීමෙන් එහි අහිතකර සහ අයහපත් බලපෑම් නිසා මීගමුව වෙරළ තීරයේ ධීවර කටයුතු වල යෙදෙන පිරිස් ඇතුළු එය රටේ සමස්ත සියලු දෙනාටම දැඩිව බලපෑමක් ඇති කල බවත්  ඒනිසා මෙවැනි පවිත්‍රතා වැඩසටහනක් පැවැත්වීම ජනතාවගේ ඇස් ඇරීමක් සහ පෙළඹවීමක් ඇති කළ හැකි යහපත් ආදර්ශයක් බවත් ඔහු සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම් ආසිරි වීරසේකර මහතා පැවසුවේ රජය විසින් හඳුන්වා දී ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාමාජීය, පාරිසරික සහ ප්‍රජාව යන ප්‍රධාන කුළුණු 03 ක් යටතේ ක්‍රියාත්මක වන බවයි. එනිසා ” “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහන ක්‍රියාත්මක වන්නේ රජයේ පමණක් සහභාගිත්වයෙන් හෝ පුද්ගලික අංශයේ පමණක් සහභාගිත්වයෙන් හෝ එසේත් නොමැති නම් ප්‍රජා සහභාගිත්වයෙන් පමණක් හෝ නොවන බවයි. මෙම අංශයන් තුනේම සහභාගිත්වයෙන් එය ක්‍රියාත්මක වන බවත් මෙලෙස පවත්වන මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා එම අංශ තුනේම සහයෝගය සහ දායකත්වය ලැබී ඇති බවද එහිදී ආසිරි වීරසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අනුව මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා යුද හමුදා නිලධාරීන් 425 දෙනෙකුද , පොලිස් නිලධාරින් , මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, ස්විච්ඡා සංවිධාන වල සාමාජික සාමාජිකාවන්, මෙන්ම මීගමුව සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සහ මීගමුව සංචාරක හෝටල් සංගමයේ සාමාජික සාමාජිකාවන්, ද තවද මීගමුව කොච්චිකඩේ,” ෆෝ-වීල් ක්ල්බ් ” සංවිධානයේ සාමාජිකයන් සහ ස්වෙච්ඡා සංවිධානවල සාමාජික සාමාජිකාවන්ද සිය දායකත්වය සපයමින් සහභාගී වූහ.
මෙහි පවිත්‍රතා වැඩසටහන අවසානයේදී , මෙවැනි වෙරළ පවිත්‍රතා වැඩසටහනකදී පෙර සිදු නොවුනු ආකාරයෙන් විශේෂ සිදුවීමක්ද දැක ගත හැකි විය. එනම් මෙම පවිත්‍රතා වැඩසටහනේදී එකතු වූ කැලිකසල සහ ප්ලාස්ටික්, පොලතින් , වීදුරු ඇතුළු වෙනත් අපද්‍රව්‍ය ද වෙන් වෙන්ව ගණනය කර ඉදිරිපත් කර තිබීමයි.
.ඒ අනුව එය මෙසේයි. …

* කුඩා බෝතල් – 1147 Kg
(Pet Bottles)-
* ආහාර බහාලුම් පෙට්ටි – 596 Kg
(HDPE/ Containers)-
* ආහාර ද්‍රව්‍ය ඔතන පොලතින් වැනි
ඇසුරුම් ද්‍රව්‍ය – 360 Kg
(Film wrappers )-
* කෑන් සහ බීම වර්ග අසුරුම් – 388.5 Kg
(Cans and Scrap)-
* වීදුරු බෝතල් – 1496 Kg
(Glass Bottles)-
* රබර් ටයර් – 458 KG
(Rubber Tyre)-
* ඉවතලන වෛද්‍යමය අපද්‍රව්‍ය – 43 Kg
(Medical Waste)-
* ඉවතලන විදුලිමය අපද්‍රව්‍ය – 79 Kg
(Electronic waste) –
* දැව සහ රෙදි – 6691 Kg
(Timber and Cloths)-

එකතුව }
} ___ 11528.5 Kg
TOTAL }

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here