spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීට ඉස්සරත් සහනාධාර දුන්නේ මාස දෙකයි…මේකත් නැවතුනොත් අපි තමා අමාරැවේ වැටෙන්නේ

Must read

පසුගිය 11 වනදා රජය විසින් කරන ලද ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් වෘත්තියෙන් ධීවර රැුකියාව කරන ධීවරයන්  සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණදුන්නේ දැඩි දුෂ්කරතාවලටය. ගෙදර හොද්දට මාලු නැතිවුණ ගෘහනියන් කාට හෝ දොස් කියා වැඩි ගාණට අයිස් මාළු ගෙනත් ඉව්වා වුණත් ධිවරයන්ගේ බිරින්දෑවරුන්ට මේ ගැටළුව තවත් බැරූරුම්ය. සැමියා හෝ පුතා මුහුදට ගිය පසු ධීවර කාන්තාවන් මග බලා සිටින්නේ   එන බෝට්ටුව අසලට ගොස් මාළු බේරන්නටය. එයින් ලැබෙන මාලූ පංගුවෙන් කොටසක් කීයකට හෝ විකුණාගෙන කොටසක් ගෙදර හොද්දට ගෙනෙන්නටය. ඉතිරි වන මාළු කරවල කිරීම වගේම තවත් සුලූ රැකියාවන් මේ මත්ස්‍ය නිෂ්පාදනය හා බැදී පවති. පසුගිය දින 10ටත් අධික කාලය තුළ ධිවර යාත‍්‍රා මුහුදට නොයෑම හේතුවෙන් ධීවර පවුල්වල සාමාජිකයන් ද තම ජීවකාව සම්බන්ධයෙන් විශාල අර්බුදයකට ගියේය. මේවාට විරෝධය පාන්නට විවිධාකාරයෙන් ඔවුන් උත්සාහා ගත්තත් ඒවාට පිලිතුරු ලෙස රජයෙන් ලැබුන විසදුම ප‍්‍රමාණවත් නොමැති බව ධීවර කාන්තාවන්ගේ අදහසයි.  පහත පළවන්නේ ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ධීවර කාන්තාවන්ගේ  ඒ පිළිබඳව දැක්වූ අදහස්ය.

මිලීනා කුමාරි – සභාපති -ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය
මේ තෙල් මිළ ඉහල යාම නිසා මීගමු ජනතාව ගොඩාක් අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා.මීගමුව නගරය හැම අතින්ම ශක්්තිමත් නගරයක්. මීගමුව ප‍්‍රසිද්ධ මාලූ වලටයි. මේ භූමිතෙල් මිළ වැඩිවීම කනිසා අද එක වේලකටවත් මාලූ කන්ඩ බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. රජය ලබාදෙනවා කියන ඔය සහනාධාර ක‍්‍රමයට මිනිස්සු කැමති නැහැ. ඔය වගේ සහනාධාර ක‍්‍රමයක් මීට ඉස්සරත් දීලා තිබෙනවා. ඒකෙන් සිදුවුණේ මිනි්ස්සුන්ව රැුවැට්ටීම විතරයි. ඉතින් දැන් කරගෙන යන්නෙත් ජනතාව රවට්ටන වැඩක්. අපි රජයට කියන්නේ මේ අසරණ මිනිස්සුන්ව මේ වගේ රවට්ටන්ඩ එපා කියලයි. ධීවරයෝ කියන්නේ එදා වේල හෝයාගෙන ජීවත්වෙන අය. අපි කියන්නේ භූමිතෙල් තිබුණ මිළටම ජනතාවට දෙන්ඩ කියලයි. මේ සහනාධාර ක‍්‍රමයට මිනිස්සුන්ව ඇදලා දාන්ඩ එපා.

කාන්ති කුරේරා
මම ඉන්නේ කඩොල්කැලේ- රස්සාව ලෙස වැල්ලේ මාලූ විකුණනවා.දැන් දවස් 15ක් විතර වැල්ලේ බෝට්ටු මූදට ගියේ නෑ. තෙල් මිළ වැඩි නිසා බෝට්ටු හිමියෝ මූදට යන්ඩ තාම කැමති නෑ. ඉතින් අපි වැල්ලේ මාලූ විකුණන කට්ටිය,මාලූ කපන අය, මාලූ වේලන කට්ටිය, ෂොපින් බෑග් විකුනන අය, හිගා කන අය පවා වැ්ුල්ලෙන් තමා ජීවත් වෙන්නේ. රස්සාවට ගිහින් ආවොත් තමයි හැම දෙයක්ම කරගන්ඩ පුලූවන්. අපේ ගෙදර දැන් දවස් 15ක ඉදන් හරි හමන් කෑමක් නෑ. උයන්ඩ දේවල් ගෙදර නෑ. ඉස්කෝලේ ගිය ළමයි ඉස්කෝලෙදී කලන්තේ දාලා තිබුණා. අනිත් එක දැන් ගෑස් මිළත් වැඩියි, වතුර බිල වැඩියි,පාන් ගෙඩියත් මිල වැඩයි. අපි කොහොමද ජීවත් වෙන්නේ. තුන්දෙනෙක් හතර දෙනෙක් ඉන්න ගෙදරක නම් හතර දෙනාම හම්බ කරන්ඩ  ඕනා ජීවත් වෙන්ඩ.

ලියෝනි
මම ඉන්නේ මුන්නක්කරයේ. මේ තෙල් මිල වැඩිවීම නිසා අපේ රස්සාව හරියට කෙරෙන්නේ නෑ. ඒ අතරතුර ලයිට් බිලත් වැඩි වෙලා තියෙනවා. අපි උයන්නේ භූමිතෙල් ලිපෙන්. මීග්මුව එකාබද්ධ ධිවර සංවිධානයේ සභාපතිතුමා කිව්වා තීරණයකට ආවා. සහනාධාරයට එකග වුණා කියලා. මීට ඉස්සර වෙලා සහනාධාර
දුන්නේ මාස දෙකයි. මේකත් නතර වුණොත් අපි තමා අමාරුවේ වැටෙන්නේ. මීගමුවෙන් තමා ගොඩාක් දුරට මුහුදු රස්සාවෙන් පොඩි මාලූත් ලැබෙන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article