මත්කරල් විකුණු ඩීන් හංදියේ ෆාමසි හිමිකරු යළිත් මාට්ටු?

0
617

පසුගිය 09 වනදා අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එදින අලුයම සිදුකරන ලද පරික්ෂාවකදී පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වී තිබේ.

පොලීසය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරියමුල්ල ඒත්තුකාල දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ ජීප්රථයේ තිබී ගංජා,කොකේන හා මත් කරල් සොයාගෙන ඇති අතර පසුව කරන ලද විමර්ශනවලදී ඔහුගේ නවාතැනේ සහ ඔහුට අයත් ඖෂධශාලාවේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය,මත කරල් හා තවත් හදුනානොගත් මත්ද්‍රව්‍යයක් සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ.

මෙම පුද්ගලයා මීගමුව ඩීන් හන්දිය ප්‍රදේශයේ ඔසුසලක් පවත්වාගෙන යන අයෙකු  වන අතර මත්කරල් ලගතබාගැනීම සම්බන්දයෙන් මෙම පුද්ගලයා මින් පෙරද අවස්ථා කිපයකදිම පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

මෙවැනි පුද්ගලයන්ට තව දුරටත් ඔසුසල් කරගෙන යාමට ඉඩදෙන්නේද යන කරුණ ගැන මෙවරවත් බරපතල ලෙසින් සිතා බලා අවශ්‍ය පියවර කඩිනමින් අදාල බලධාරින් ගනු ඇතැයි වි⁣ශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here