spot_img
spot_img
Monday, June 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුරට තුති.. නාගරික මංත්‍රි නිශාන්ත ප්‍රනාන්දු ( එ.ජා.ප)

Must read

මීගමුව මහා නගර සභාවේ පැවැති ජනවාරී මස මහා සභා රැස්වීම අවස්ථාවේ,  පසුගිය 2011- දෙසැම්බර් — මීපුර ˜ කලාපයේ තමා පිලිබඳව පලවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් පල කල මංත්‍රිවරයා ඒ පිලිබඳව වැඩි දුරටත් මෙලෙස ප්‍රකාශ කලේය.

—ගරු නගරාධිපතිතුමෙනී පසුගිය මංගල මහා සභාවේදී මම කරපු ප්‍රකාශයකට අනුව ගරු නගරාධිපතිතුමෙනී ඔබතුමාත් එලෙසම ආන්ඩු පක්ෂයේ දයාන් ලංසා මංත්‍රිතුමාත් මට ආන්ඩු පක්ෂයට එන්න කියලා ආරාධනය කල අවස්ථාවේ , එම ආරාධනය ප්‍රතික්ෂේප නොකිරීමට තරම් මා පරිස්සම් වුනා කියලා   මේ මීපුර පුවත් පතේ සඳහන් කරලා තියෙනවා.

මට අවශ්‍යයි ඒ ප්‍රකාශය නිවැරදි කරන්න. මට ආන්ඩුවට එන්න කියපුවාහම මම නිෂ්ශබ්දව හිටියා. ඒක හරි . මම මොනවත් එතනදී කියන්න ගියේ නැහැ. මම එතැනදී නිෂ්ශබ්දව හිටියා. එකෙන් කියන්නේ නැහැ මම ආන්ඩු පක්ෂයට යනවා කියලා . අනෙක් එක මම මොනවටද මට කවුරුහරි ආරධනයක් කරපුවාහම ඒකට එක එක දේවල් කියන්න යන්නේ. මගේ ප්‍රතිපත්තිය තමයි ඒවාගේ දේවල් වලට නිශ්ශබ්දව සිටිම. මට විවිධ අය කීහිප අවස්ථාවකදීම ආරාධනා කරලා තියෙනවා, ආන්ඩු පක්ෂයට එන්න කියලා. මේ නගර සභාවේදී විතරක් නෙමෙයි පිටතදීත්. විශේෂයෙන්ම මගේ මස්සිනා, ඒ කියන්නේ මගේ ආක්කාගේ මහත්තයා, එයා මේ මීගමුවේ ඉන්න ඉතාම ධනවත් පුද්ගලයෙක් .එයත් මට ආරාධනා කලා ආන්ඩු පක්ෂයට එන්න කියලා. එතැනදීත් මම මොනවත් කියන්න ගියේ නැහැ. නිශ්ශබ්ද වෙලා හිටියා. කොහාම වුනත් මම මේ පුවත් පතට මගේ ස්තූතිය පල කරනවා, මම එදා ඒ කරපු කතාව සම්පුර්ණයෙන්ම මෙහි පල කිරීම ගැන. මොකද මම විපක්ෂ මංත්‍රිවරයෙක් විදිහට සෑම විටම මගේ අරමුණ වන්නේ  බලය ලබා ගැනීම. එහිදී එදා මම කරපු ඒ ප්‍රකාශය මේ පුවත් පතේ පල කරලා මගේ උවමනාව ගැන පල කලාට මම ඇත්ත වශයෙන්ම මේ පුවත් පතට මාගේ ස්තුතීය පල කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article