spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර මාධ්‍යවේදියාට පහරදිම මවාපෑමක් යැයි දායන් රිවිර ට කියලා?

Must read

dayan may 6මීපුර මීපුර මාධ්‍යවේදියාට පහරදිම මවාපෑමක් යැයි මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා රිවිර වෙබ් අඩිවියට පවසා තිබේ.
ඒ අනුව පහරදිමකින් සිදුව ඇති තුවාල කිසිවක් නැති බව වෛද්‍ය වාර්තා වලින් මෙන්ම පොලිස් පරික්ෂණ වලින් ද තහවුරු වි ඇතැයි නිවේදනයක් මගින් කියා සිටින බවද එහි සදහන්ය.
එහෙත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මේ පරික්ෂණය සිදුකළ වෛද්‍යවරයා කියා සිටියේ පහරදිමක් හේතුවෙන් සිදුව ඇති තැලුම් තුවාලයක් මීපුර මාධ්‍යවේදියාගේ හිසෙහි ඇති බවය.
එමෙන්ම නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් වෙනම සිම් කාඩ් පතක් භාවිතා කරමින් අදාල පහරදිමට මුල්ව සිටින නගර සභා සේවකයාට  ගනු ලැබු දුරකථන ඇමතුම් 16 ක් පිළිබදව දත්ත සටහන් මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති බවද හෙළිව තිබේ.
එමෙන්ම අදාල ප්‍රහාරය ක්‍රියාත්මක කළ තුෂාන් නැමැත්තා හා ලංසා පවුල අතර ඇති සමිප සම්බන්ධතාවය ගැන කියැවෙන ජායාරූප හා විස්තර රැසක් මේ වන විටත් මාධ්‍ය විසින් වාර්ථා කර තිබේ.
ප්‍රහාරයට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ හිසෙහි ඇති තැලුම් පිළිබදව වැඩිදුර පරික්ෂණ සදහා අද දිනයේ කොළඹ රෝහලකට ඇතුලත්ව සිටි බවද වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article