spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීළඟ Nexus ජංගම දුරකථන HTC සමාගම අතින් නිමවෙන ලකුණු.

Must read

Twitter වෙබ් අඩවිය ඔස්සේ පළවුණු විශ්වාසනීය තොරතුරක් මගින් දැනගන්න ලැබෙන විදියට මීළඟ Nexus දුරකථන දෙකම HTC සමාගම මගින් නිර්මාණය වන බවට දැනගන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් Google සමාගම සිය Nexus උපාංග නිර්මාණය කිරීමේ භාරදුර්ය කාර්යභාරය සමාගම් කිහිපයකට බෙදා හරිනවා. මේ ලැබෙන ආරංචි මාර්ග සත්‍යනම් මෙය HTC සමාගම ලද විශාල ජයග්‍රහණයක්. මේ දුරකථන දෙක T50 සහ T55 යන කේත වලින් හැඳින්වෙන බවත් දැනගන්නට ලැබෙනවා.

Nexus 6P සහ Nexus 5X දුරකථන දෙක වෙළඳපොළට නිකුත් කෙරුනේ පසුගිය සැප්තැම්බර් මාසයේ යි. මේ නිසා මේ අලුත් දුරකථන දැකබලා ගැනීමට තවත් බොහෝ කාලයක් තිබෙනවා. ලැබෙන තොරතුරු වලට අනුව මේ නව Nexus දුරකථන දෙක කලින් දුරකථන දෙකට වඩා ප්‍රමාණයෙන් තරමක් කුඩා වනවා. දැනට ඇති nexus 5X සහ 6P දුරකථන වල තිර පිලිවෙලින් අඟල් 5.2ක් සහ 5.7ක් වනවා. නව දුරකථන අඟල් 5.0ටත් 5.5ක් දක්වාත් අඩු වන බවට ආරංචි වෙනවා.

Google සමාගමේ Nexus උපකරණ නිර්මාණය කිරීමේ පලපුරුද්ද HTC සමාගමට තිබෙනවා. මේ ආරංචිය පිළිබඳව සමාගමෙන් විමසීමකදී ඔවුන් ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරලා තියනවා.

උපුටා ගැනීම – http://sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article