මී ගසුත් හිටවමු ! මිගොමුව කාබාසිනියා කළ දුෂිතයන්ටත් දඩුවම් දෙමු !

0
468

පුනරුද පාලනයට වසරක් පිරෙයි.රටේ කෙසේ වෙතත් මිගමුවතුල නම් සිස්ටම් චේන්ජ් වන බවක් නොපෙනේ .
ඒ් වෙනුවට සිදුවෙමින් ඇතැයි පෙනි යන්නේ සිස්ටම් ඉස්පොල්ලේ යාමය.
ඒකාබද්ධ පළාත් පාලන සතියට මී ගස් 250 ක් සිටවිමේ ව්‍යාපෘතික් දැන් ක්‍රියාත්මකය.

මේ ආකාරයටම කඩොල් පැල සංදර්ශනාත්මක ලෙසින් සිටවු හැටිද අමතක නැත.
මේ සියල්ල හොදය.

පරිසරය සුරැකිම වඩාත් හොදය.
පරිසරයත් මිගමුවත් සැබැවින්ම සුරකිය හැක්කේ මිගමුත් පරිසරත් විනාශ කරමින් දශක 2 කකට වැඩි කාලක් මිගමුව පාලන කළ කලු සල්ලි පවුලට මෙන්ම ඒ පවුලත් සමගින් එකතුවි නීතිය නැමු නිලධාරින්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරිම හරහාය.

පුනරුද පාලනයට වසරයි .මිගමුවේ මාලිම පාලනයට මාස 4කුත් ඉක්ම යයි.

එහෙත් දායන් ලංසා විසින් කප්පම් ගෙන මිගමුව බස් නැවතුම ඉදිරිපිට ඉදිකර ඇති අනවසර කඩේ ( සප්පතු මහන ) හෝ පුනරුද පාලන සමය තුල ලංසා පවුලට සම්බන්ධ යැයි කියන අයෙකු විසින් ඉදිකර ඇති පෙට්ටි කඩේ ( බත් විකුණන කඩේ ) හෝ ඉවත් කරගැනිමට හින්කෙන්දලාගේ පාලනයට නොහැකිව තිබිම අප තේරුම් ගත යුත්තේ කෙසේද ?

අලුත් පාරේ කුඩා පෙට්ටි කඩයක් පවත්වාගෙන යන කාන්තාවකට එරෙහිව චණ්ඩි පාට් දැමු මාධ්‍ය සංදර්ශන මන්ත්‍රිලා සෙට් එකද මේවා ගැන නිහඩය.

මී ගස් සිටවිම ඒවාට වතුර දැමිම මිගමුවේ වඩාත් ප්‍රමුඛතම දේවල් කියා සිතා කටයුතු කරමින් සිටින අයුරු ඔවන්ගේ බුකි පිටු අතරට එඹි බැලුවිට පෙනි යයි.

එබැවින් අප අවධාරණය කර සිටින්නේ දැනට කරන වැඩ එකක් වත් වැදගත් නැතැයි කියා සිටිම නොව දශක දෙකක දුෂිත පවුල් පාලනයක් පෙරළු ජනතාවගේ බලාපොරෙත්තු ඉල්ලිම් පාරේ මි ගස් සිටුවිම ,කාණු සුද්ද කිරිම පාරවල් වලට තාර දැමිමට එහා ගිය එකක් බවක මාස 4 ක් ඉක්මවා යමින් සිටින පසුබිමකද වුවද ගැඹුරින් තේරුම් ගන්නා ලෙසය.

ජේ.එස් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here