මුදල් ගසා කෑ කසල කළමනාකරණ ව්‍යාපෘතිය ගැන කඩිනම් පරික්ෂණ අරඹන්න !

0
132

මිපුර මහනගර සභාවට අයත් එක්තරා ථෙතිහාසික ඉඩම් ප්‍රදේශයක් අරභයා  දයාන්  ලංසාලාගේ  පාලනය සමයේදි කෙලහලාගෙන කටයුතු කර තිබුන අයුරු අපට මතකය.

මිගමුවේ පැරණි නගර සභා ගොඩනැගිල්ල තිබුන පසුව එය ප්‍රකට සිනමා ශාලාවක්ද බවට පත්වු “මිපුර “ඉඩමයි.

නගරාධිපති දයාන් ලංසා සිය ධුර කාලය තුල  බලහත්කාරයෙන් මේ භුමිය තුල කසල අංගනයක් ස්ථාපිත කිරිමට යාමේදි එයට දැඩිව විරෝධයක්  ගම්වාසින් දැක්වුහ.

ඒ අනුව එම ඉඩමෙන් එම ව්‍යාපෘතිය ඉවත්කර දැමු අතර  එයට විපක්ෂයේ ඇතැම් ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන්ගේද සහය ලැබි තිබුණි.

පසුව මෙම කසල අංගනය කොච්චිකඩේ පොරකේවත්ත ප්‍රදේශයෙ ඉදිකරන්න පටන්ගෙන තිබුණ අතර එහි කටයුතු නිම නොකරම ඔහේ අතරමග අතහැර දමා තිබේ.

ඇත්ත වශයෙන් හිටපු නගරාධිපති දයාන් ලංසාවට අවැසිව තිබුනේ කසල කළමණාකරණ අංගනයක් ඉදිකිරිම සදහා විදේශ රටකින් රු ලක්ෂ 75 ක මුදල් ලබාදිමට තිබුන සුදානම නිසා ඒ අයවත් රවටා කසල අංගනයක් බාගෙට හෝ අටවා මුදල් යටි මඩි ගසා ගැනිමටය.

මේ වෙනුවෙන් මහනගර සභාව විසින්ද රු ලක්ෂ 75 කට වැඩි මුදලක් වැය කර තිබුන බවද සැලය.

ඒ අනුව රු මිලියන 15 ක පමණ මුදලක් මේ අකාරයට අපතේ ගොස් තිබේ.

පොරෙකේ වත්තේ බාගෙට ඉදිකර ඇති මේ ගොඩනැගිල්ල මේ වන විට විනාශයට පත්වෙමින් තිබේ.

කාණු ,කුණු ගැනම හොයන නිසාදෝ මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා හෝ මේ ගැන විමර්ශන චාරිකාවක් ගොස් සිය ෆේස් බුක් පිටුවට පින්තුර එක් කර නොතිබිමද පුදුමය දනවන කරුණකි.

එපමණක් නොව අරුමය  වන්නේ කොච්චිකඩේ ප්‍රදේශ⁣යේ  සිටින මාලිමා මන්ත්‍රිවරුන්වත් මේ ගැන සොයා බලා මාසික මහසභා අවස්ථාවකදිවත් වචනයක් වත්  කථා කර නොතිිබිමය.

කප්පරක්  වංචා දුෂණ මහජන දේපල විනාශ කිරිම් තිබියදි ඒවා ගැන කිසිදු වගක් නැතුව මසකට වරක් ඔහේ සභාවට පැමිණ පුටු රත්කර යන තත්වයකට මිගමුව මහනගර සභා දේශපාලනය පත්ව තිබේ.

අරගලයෙන් පසු නැග ආ රැල්ල හමුවේ පොල්ලෙල්ලක් දැම්මත් දිනන තත්වයක් තිබුන නිසා අද මිගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ අතිබහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් යනු මෙලෝ රහක් නැති පතෝල වැනි අයවලුන් බව දැන්නම් ඉතාමත් පැහැදිලිය.

මාසික මහ සභා රැස්විමට යෝජනාවක් ගෙන ඒමට තරම් වත් දේශපාලන සමාජ පරිචයක් නැති අයගෙන් මිගමුව ගොඩනැගිමක් ගැන අප සිතන්නේ නම් එයම මුලාවකි.

මේ නිසාම මිගමුව තුල ශක්තිමත් පුරවැසි ක්‍රියාකාරිත්වයක් නිර්මාණයකළ යුතුව තිබේ.

ලංසා⁣ පවුලේ දුෂණ ගැන මාලිමා පාලනය විසින් විමර්ශන සිදුකර නිසි දඬුවම් නොදෙන්නේ නම් ජනතා අධිකරණය හමුවටවත් මේ අයව රැගෙන ආ යුතුව තිබේ

දැන් නව නගරාධිපතිවරයෙකු පත්ව තිබේ.අඩුම තරමින් මිගමුවේ මහජන මුදල කාබාසිනියා කරමින් අරඹා ඇති සුදු අලි මෙන් වු ව්‍යාපෘති ගැන කඩිනම් පරික්ෂණ නොපමාව සිදුකළ යුතුව තිබේ.

පුනරුද නගර පාලනය ජනතාවට සෑබෑ ලෙසම වගකියන්නේ නම් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මහජන මුදල් වංචා කරමින් , විවිධ ගසා කෑම් කොමිස් ජාවාරම් වල නිරතව සිටි දේශපාලකයන් ගැන මෙන්ම එවන් නිලධාරින් ගැනද කඩිනමින් පරික්ෂණ ඇරඹිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here