spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මූදට බිලිවෙන්න කලින් ජනපතිතුමෙනි අපිව බේරගන්න !

Must read

සින්ද්‍රාතිය 1වසර 20 ක පමණ කාලයක සිට සෑම වසරකදිම ගංවතුර කාලය නිසා තම ඉඩම් අහිමි කරගන්න පවුල් විශාල ප්‍රමාණයක් මාඔය මුහුදට ගලා බසින සීමාවේ තිබෙන ගම්මානයක් වන වෙන්නප්පුව සින්දාත්‍රිය ගමේ වැසියන් දැඩි පිඩාවකට ලක්ව සිටි 1996 දි වාරිමාර්ග ඇමතිවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් මුල්ගල තබා එම ගම්මානය මාඔයට බිලිවිම වැලැක්වීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ නොවීම නිසා මෙම තත්වය ඇති වි තිබෙන බව ගම්වාසින් පවසයි.
මේ වනවිට අක්කර ගණනාවක් ගමට අහිමි වි ඇති බවත් දිනෙන් දින මෙම තත්වය වර්ධනය වීම නිසා තමන්ගේ ගේදොර පවා අහිමිවන තත්වයට පත් වි තිබෙන බවත් බළධාරින්ගේ අවදානයට ඉක්මනින් මෙම ව්‍යාසනය ලක් වි විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි.
(අජිත් ප්‍රනාන්දු) මහතා
……අපේ ගමට වන විනාශය පිළිබඳව අපි වසර ගණනාවක්ම පෙන්වලා දුන්නා එත් ස්ථීර විසඳුමක් නෑ මේ නිසා අපේ දේපළ අපේ ඉඩකඩම අපිට අහිමිවෙනවා දවසින් දවසම 1996 දි වාරිමාර්ග ඇමතිවරයාව සිටි වත්මන් ජනාධිපතිතුමා ඇවිත් මුල්ගලක් තියලා මෙකේ වැඩ පටන් ගත්තා. එත් ඒක සාර්ථක වුනේ නැ මෙතන මාඔයේ හැරවුමක් තියෙන්නේ සෑම ගංවතුර කාලයකට අපේ ගමේ ඉඩම් මාඔයට බිලිවෙනවා.සින්ච්‍රාතිය 3සින්ද්‍රාතිය 4
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබ තුමාගේ සුරතින් පටන් ගත්තු මේ ව්‍යාපෘතිය නැවත අරම්භ කර විධිමත් අකාරයට ක්‍රියාත්මක කරලා දෙන්න කියලා.
(එල්සි පීරිස්)
….මහත්මිය අපේ ගෙවල් වල රෑට සැනසීමෙන් නිදාගන්න නැ දැන් අද දවසට විතරක් අඩි 20 ක් විතර ගඟට බිලි වුනා කොයි වෙලාවේ අපේ ගෙවල් ගඟට යයිද කියන්න බෑ ඒ නිසා අපේ දරුවෝ ගැන හිතලවත් අපේ ගම මුහුණ දෙන ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා,වසර 20 ට සිටම වෙන්නප්පුව ආසනයේ සිටි පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිසිම අයෙකුට බැරුව ගියා අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඒ අය වතුර වැඩිවෙන කාලයට මේක ඇවිල්ලා බලලා යනවා විතරයි
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article