spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ දිනවල පැතිරෙන ‘ඩිස්ටෙම්පර්’ වෛරසයෙන් ඔඛේ සුරතලා ඛේරා ගන්න

Must read

කැනී ඩිස්ටෙම්පර් (Canine Distemper )යනු සුනඛයන් හට වැළදන බරපතල රෝගයක් වන අතර මෙය වෛරසයක් මගින් බෝ වේ.සුළඟ මඟින් මෙන්ම සෘජුව පැතිරීමක් සිදුවේ. මෙම රෝගය වැළදුන විට සුනඛයාගේ පස්සා ඝාතය පන නැතිව යන අතර ,වමනය , උණ, ස්නායු වේදනා මෙන්ම ඔවුන්ගේ පාද වල කුර ඉදිමුම ආදී ආසාදන තත්ත්වයන්ට ගොදුරු වේ. තදින් උණ හට ගැනීම මෙහි මුල් රෝග ලක්ෂණයක් වන අතර ඇස් රතු පැහැ ගැන්වීම ද මූලික රෝග ලක්ෂණයකි.

මෙම රෝගයෙන් සුනඛයාව රැක ගැනීම සදහා  එන්නත් කිරීම මාස දෙකෙන් හා මාස 3න් හා සෑම අවුරුද්දකට සැරයක් සිදුකළ යුතුය. මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිටින අය තම සුරතලුන් මෙම රෝගයෙන් පීඩා විදීම වැලැක්වීම සදහා ක්‍රමානුකූලව  මෙම එන්නත්  සුරතලාට  ලබා දෙයි.
මෙහි භයානක කම නොදන්නා පුද්ගලයින් නිසා අහිංසක සුනඛයින් මෙම රෝගයෙන් පීඩා විඳ මිය යයි. ඔබත් ඔඛේ සුරතලාට මෙම රෝගයෙන් වැලකීමේ එන්නත ලගම සිටින පශු වෛද්‍යවරයා හමුවී ලබාදෙන්න. එමෙන්ම ඔඛේ සුරතලාටත් මෙම රෝගය වැළඳී ඇත්දැයි සැකහර දැනගත් පසු සුනඛයාව පශු වෛද්‍යවරයා වෙත යොමු කර ප්‍රතිකාර ලබා ගන්න.dognew

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article