spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ අපතේ යන්නේ ජලය පමණද ? මහජනයාගේ බදු මුදල් ය

Must read

මේ දිස්වන්නේ මීගමුව තලාදූව පාරේ කරුමාරි අම්මන් කෝවිල ඉදිරිපිට පාරේ ජල නලයක් කැඩී උතරා අපතේ යන ජලයයි. අවට ජනතාව පවසන්නේ මෙය මේසේ කැඩී ජලය යාමට පටන් අරන් දැනට අවරුද්දකටත් වැඩි බවයි. මේ පිළිබදව මීගමුව ජල සම්පාදන මන්ඩලයට දැනුම් දුන් පසු එම නිලධාරීන් ඇවිත් බලා පවසා ඇත්තේ මේ ස්ථානය පිළිසකර කිරීමට ඔවුන්ට නොහැකි බවයි. මේ ජල නලය කැඩීගොස් අවුරුද්දකටත් වැඩි කාලයක් වනවා නම් කොපමණ ජල ප්‍රමාණයක මේ වන විට අපතේ ගොස් ඇත්ද?  මෙම ස්ථානය ඉදිරිපිට ජීවත්වන්නේ වැඩි ප්‍රමාණයක් නගර සභාවේ සේවය කරන කම්කරුවන් පිරිසකි.  මේ දෙපස ඇති කාණු දිගේ උතුරන ජලය ගලා යයි. තව ටික දිනකින් කෝවිලේ උත්සවය පැවැත්වේ. කිසිදු බලධාරියෙුකුගේ අවධානයට ලක්නොවී තවමත් මේ කැඩුණ ජල නලයෙන් වතුරා ගලා යයි.
පසුගියදා   මීගමුව    රෝහලට   බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැමිණීමට පෙර රෝහලේ    පිටට පෙනෙන්නට තිබූ අඩුපාඩු වසා දැමුවේය. වැසිකිලි උතුරා ගොස් පානීය ජලයටද මුසුවී තිබී පසුව ඒවා නගර සභාවේ ගලියෙන් දිගටම සුද්ධ කළේය. දැන් අැමතිවරු පැමිණ ගොස්ය. දැන් රෝහලේ හදිසි ප්‍රතිසංස්කරණ , ෂෝ වැඩ අවසන්නය. වෙලාවට වාගේ ඒ පැමිණි ගමන් මෛතීපාල සිරිසේන ඇමතිවරයා තලාදූව පාරෙන් යාමට නියමිතව තිබුණා නම් නගර සභාව හෝ පළාත් සභාව හෝ මෙයට මැදිහත්වී ඉක්මණට නලය පිළිසකර කරනු ඇත.  ජල සම්පාදන මණ්ඩලයට මෙහි වගකීම ගතනොහැකිනම් මේ අපතේ යන ජලය නවතා නල මාර්ගය පිළිසකර කිරීමේ වගකීම කාගේ ද?1
2
35

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article