spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ ඇන්ටන් ජයවීර, බෙදා ගෙන කන කෙනෙක් මිසක් බදාගෙන කන කෙනෙක් නොවෙයි.මීගමුව නව නගරාධිපති කියයි.

Must read

මීගමුව නව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා මේ අදහස් පල කලේ  නොවැම්බර් මස 03 වන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ පැවති මීගමුව මහා නගර සභාවේ නව නාගරීක මංති‍්‍ර මන්ඩලයේ ප‍්‍රථම මහ සභා රැස්වීම අවස්ථාවේදීය. එම රැස්විමේ වැඩ කටයුතු නිමා වීමට පෙර නගරාධිපතිවරයාගේ පිලිතුරු කථාවේදී ඔහු මෙලෙස ප‍්‍රකාශ කලේ විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු මංතී‍්‍රවරයා සදහන් කල ප‍්‍රකාශයකට පිලිතුරු ලෙසය. විපක්ෂනායකවරයා පෙර සභාව අමතූ අවස්ථාවේදී  නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මුදල් , කර්මාන්ත ඇතුළු සියළු කාරක සභාවන්ට ආදාල වන කරුණු කාරණා වලදී  තීන්දු තීරණ ගැනීමට එම සභාවන් වල සමාජික මංතී‍්‍රවරුන්ට නිදහසක් සහ ඉඩක් ලබා දෙන ලෙසයි.

එහිදී විපක්ෂනායකවරයා වැඩි දුරටත් අවධාරණය කලේ මේ කාරක සභා 05 මේ මහා සභාව සහ මේ මහා නගර සභාව දරා ගෙන සිටින යෝධ කනු ලෙසයි. එලෙසම එම කාරක සභාවන්ට යම් යම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලතල ලබා දෙන ලෙසද විපක්ෂනායකවරයා නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය . මෙම ප‍්‍රකාශයට පිලිතුරු ලෙස නගරාධිපතිවරයා පැවසුවේ මේ ඇන්ටන් ජයවීර යනු බෙදා ගෙන කන කෙනෙක් මිසක් බදා ගෙන කන කෙනෙක් නොවන බවයි. ඒ නිසා සියළු කාරක සභාවන් වලට සමාජීකයන් තෝරා ගැනීමේදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වඩාත් පලපුරුදුකම් සහිත ජේෂ්ඨ නාගරික මංතී‍්‍රවරුන් සේම හැකියාව ඇති දක්ෂතා ඇති වැඩ කිරීමට හැකි තරුණ නවක මංතී‍්‍රවරුන්වද මෙම කාරක සභාවන් වලට තෝරා ගෙන ඇති බවයි. ඒ අනුව තමා නගරාධිපති ලෙස මෙම කාරක සභාවන් වලට සහභාගී නොවී ඒවායේ කටයුතු අධීක්ෂනය කිරීම පමනක් සිදු කරන බවද නගරාධිපතිවරයා සිය කථාවේදී වැඩි දුරටත් අවධාරණය කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article