spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ බස්නැවතුම්පළ කාටද?

Must read

DSC_0258 DSC_0257

(11.24) මීගමු  නගරයේ  ජනතා  අවශ්‍යතාවයන්  රැසක්  තිබියදී  එක්තරා  බස්නැවතුම්  පළක්  එක්තරා  පාලක  පිරිසක්  විසින්  එක්තරා  අවධියකදී  තනන ලදී. ඔවුන්  එම  බස්නැවතුම්පල   හැදින්වූයේ  ලංකාවේ  හොදම  බස්නැවතුම්  පල  ලෙසය. මේ  හොදම  යැයි  කියන  මෙම  ගොඩනැගිල්ලේ  යට  තට්ටුව  හැර  ඉතිරි  ඒවා  ගැන  සොයා  බලන  ලෙස  අපි  ජනතාවගෙන්  ඉල්ලා  සිටින්නෙමු.  ලංකාවේ  හොදම  බස්නැවතුම්පලේ  ඉහළ  තට්ටු  අද  හිස්  කාමර  වලින් යුතු  ඩ්‍රැකි්‍යුලා   බංගලාවකි. මෙම  කාමර  ගැනුම්කරුවෙකු  එනතුරු SALE යනුවෙන්   ඇති  ස්ටිකර්  අලවාගෙන  බලාසිටී.  කාලයක  සිට  මෙසේ  බලාසිටියත්  එන  ගැනුම්කරුවෙකු නැත.  මන්ද  ගන්නට  එන  අය  ප්‍රකාශකරන්නේ   මේ  ස්ථානය  ව්‍යාපාරික  හෝ  එවැනි  අදාල  කටයුත්තකට   සුදුසු  නැතිබවය.
මුල්  කාලයේදී  මෙය  නිර්මාණය  කළවුන්  ව්‍යාපාරික  ප්‍රජාවගේ  මනස තුළ ගොඩනැගූ  සුරංනා  ලෝකය  සැබෑලෝකය  නොවන  බව  ඔවුන්  වටහාගෙන  හමාරය.
මේ  කාමර  භාවිතා  නොකරන  අතර  නඩත්තුවක්ද  නැත. එසේ  නඩත්තු  නොකරන  නිසා  අවපැහැ ගැන්වී  කඩතොළුවී  ජරාවට  පත්වීඇති  ස්ථාන  පිළිබදව  අපි  මීට  පෙරද පොදු  ජනතාවගේ  අවධානයට  යොදු  කළෙමු.  මෙම  ගොඩනැගිල්ල ඈත  සිට  බලනවිට  වීදුරු  සහිතව  නිර්මාණය  කරඇති  නිසා  අලංකාර  ලෙස  දර්ශනය  වේ.

අතට  ලැබෙන  ගතමනාව  ගැන  සිතූ,  ජනතා  අවශ්‍යතාවය  ගැන  නොසිතූ   පාලකයින්ගේ  අමනෝඥ  ක්‍රියාපිළිවෙත්  නිසා  මෙවැනිදේ  සිදුවන බවට  මේ  එක්  උදාහරණයක්  පමණි.  තවත්  උදාහරණ  ඕනෑතරම්  ඇත. කෙසේ  නමුත්  මේවා  පොදු  දේපල  නිසා  දැන්වත්  යම්   ප්‍රෙයා්ජනයක්  ගැනීමට  අදාලව  මෙම  ගොඩනැගිල්ලේ  ඉහළ   කොටස  සකසන  ලෙස  අපි  සියළු  වගකිවයුත්තන්ගෙන්  ඉල්ලමු
ලංසා පාලනය මීගමුවට කළා යැයි කියන සංවර්ධන වැඩ යනු ඇත්තටම සුදු අලි බව කියන්නට තවත් උදාහරණ අවැසිද?
ඇත්තටම සිදුව තිබුනේ බස්නැවතුමක් හදා ඉන් කොමිස් ගැනිමත් කඩ ඒවා විකුණා සල්ලි හම්බකිරිමත් කඩ හැදු පසු ඉතිරිවු ඉඩකඩෙහි බස්රථද නැවැත්විමට කටයුතු සැලසිමත්ය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article