spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලන ඇමති මීගමුවෙන් තවත් හෝටලයක් මිළට ගනියි ?

Must read

wm1wm 2මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රකෝටිපතියන් ලෙසින් මුදල් හම්බකරගත් වත්මන් යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිකමක් දරන පුද්ගලයෙක් මීගමුවේ සංවාරක පුරයෙන් තවත් හෝටලයක් මිලට ගෙන ඇතැයි වාර්ථා වේ.windmill-beach-hotel
වින්ඩ්මිල් නම් වු මෙම හෝටලය කාමර 25 කින් යුක්ත වුවකි.
සුපුරුදු පරිදි මෙම හෝටලයද මිලට ගෙන ඇත්තේ රාජපක්ෂ සමයේ බොරළු සැපුයම්කරුවකු ලෙසින් කෝටිපතියෙකු වු පුද්ගලයෙකු නමටය.මේ තැනැත්තා අදාල නියෝජ්‍ය ඇමතිවරයාගේ දේපල ප්‍රකාශිත ගැනුම්කරුවාය.negombohotel11
මෙම හෝටලය රු කෝටි 19 කට මිළට ගෙන ඇතැයි සැලය.
මෙම ගණුදෙනුව පසුගිය සිකුරාදා දිනයේ සිදුව ඇතැයි අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
මීට මාස දෙකකට පෙර රුපියල් කෝටි 48 කට මේ ඇමතිවරයා විසින්ම වයිට් රෝස් නමින් වු හෝටලයක්ද මිලට ගෙන තිබුණි.එහිද ප්‍රකාශිත ගැනුම්කරුවා වුයේද  මේ බොරළු සැපයුම්කරුමය.DSC00112
මේ අතර කුරණ ප්‍රදේශයේ පිහිටි අති සුපිරි හෝටලයක් සහ උත්සව ශාලාවද මෙම ඇමතිවරයාගේම බුදලයක් බව කුරණ ගම්වැසියන් විසින් ප්‍රසිද්ධියේ කියා සිටියේ එකි හෝටලය විසින් පසුගිය දිනවල මුළු කුරණ ග්‍රාමයටම ඩෙංගු බෝකළා යැයි කියන චෝදනාව පදනම්කරගෙන පැවැති උද්ඝෝෂණයකදිය.DSC00125dengu protest 3JPG

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article