spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලන පොලිසිය ලංසාලට මේ තරම් බය ඇයි ?

Must read

60A6430-2මීපුර වෙබ් අඩවියේ කර්තෘ වෘත්තිය වෙබ්  මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ පසුගිය ජුනි 02 වනදා සිදුකරන්නට යෙදුන පහරදිම පිටුපස සිටින මීගමුව මහනගර සභාවේ හිටපු උපසභාපති දයාන් ලංසා පිළිබදව ප්‍රමාණවත් සාක්ෂි ඕනෑතරම් තිබියදි මීගමුව පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් මාස 3 ක් ඉක්ම ගොස් තිබුනද සිදුකර තිබුනේ නැත.
එපමණක් නොව  මීගමුව පොලිසියේ මන්දගාමිත්වය ගැන ඉතා නිවරදිව නිරික්ෂණය කරමින් කරුණු දැක්වු විනිසුරු රුචිර වැලිවත්ත මහතා අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධික්ෂණය යටතේ අපරාධ පරික්ෂණ කොට්ටාශය වෙත පවරන්නට නියෝග දුණි.
එහෙත් එකි පරික්ෂණයන්ට අතවෙමින් ඇත්තේ පරණ ඉරණමමය.
සැප් 20 වනදා අධිකරණය හමුවේ පෑලියගොඩ අපරාධ පරික්ෂණ කොට්ටාශය නියෝජනය කරමින් පැමිණ සිටි පොලිස් නිළධාරියා විසින් අධිකරණය හමුවේ කියා සිටියේ නගර සභා ආරක්ෂණ කැමරා පද්ධතියේ විස්තර ලබාගැනිම සදහා අධිකරණ අවසරයක් ලබා දෙන ලෙසය.
මේ පසුබිම යටතේ  මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිතිඥ දන්ත නිරංජන මහතා අවධාරණය කරසිටියේ මෙතරම් සාක්ෂි තිබියදි දයාන් ලංසා මේ නඩුවේ සැකකරුවෙකු කරන්නේ ද නැද්ද යන්න පැහැදිලි පිළිතුරක් අධිකරණයට පවසන ලෙස ඉල්ලා සිටියේය.
මේ සියල්ල විසින් පෙන්නුම් තිබෙන්නේ යහපාලන පොලිසිය ලංසාලා ඇති පක්ෂපාතිත්වයද නැතිනම් වෙන එකක්ද ?
කෙසේ වෙතත් මේ සිදුවිම අරභයා පොලිසිය ක්‍රියාත්මක වෙමින් ඇති ආකාරය ගැන පැහැදිලි ප්‍රකාශක් මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ විසින් පසුගියදා සැප් 20 වනදා 33 වන එක්සත්ජාතින්ගේ මානව හිමිකම් සැසියට සාමාන්තරව පැවැති රැස්විමකදි ද අවධාරණය කරන්නට යෙදුණි.එමෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම අදාල අංශ කිපයක නිලධාරින් හා පැවැති විශේෂ රැස්විම් වලදිද මේ කරුණු පිළිබදව කරුණු දක්වා ඇත.
මින් කියැවෙන්නේ යහපාලන පොලිසිය පුනරුත්ථාපනය කරන්නට සිදුවෙමින් ඇති බව නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article