spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලන රජයේ ක්‍රිස්තියානි කටයුතු භාර ඇමති ජෝන්ට කිතුණුවන්ගේ විරෝධය!

Must read

Fr.sarathකිතුණු ඇමති කාර්යාලයෙන් කතෝලික පියතුමෙකුට එරෙහි මඩ පත්‍රිකාවක්

යුක්තිය හා සාධාරණය වෙනුවෙන් සාක්ෂි දැරීම කිතුුණු ඇදහිල්ලේ කේන්ද්‍රීය වගකීමකි¡ බයිබලීය ඉගැන්වීම් හා සසුන් නායකයින්ගේ ඉගැන්වීම් අනුසාරයෙන් එම කිතුණු කැදවීම වර්ථමාන ලාංකීය සංදර්භය තුල විශ්වාසවන්තව ජීවත්වීම අරභයා —කිතුණු සහයෝගීතා ව්‍යපාරය˜ වසර ගණනාවක ඉහතදී අපි ආරම්භ කළෙමු¡ එතැන් සිට උතුරේ හෝ දකුණේ හෝ ජනතාවට විවිධ අවස්ථාවලදී සිදුවන අසාධාරයන්ට එරෙහිව අපේ ශක්ති ප්‍රමාණය අනුව අපි පෙනී සිට ඇත්තෙමු¡
2014 අග භාගයේ සිට කොළඹ ඉදිකෙරෙන පෝට් සිටි නගර ව්‍යාපෘතියට එරෙහිව වසර දෙකක කාලය පුරාම අපි ක්‍රියා කළෙමු¡ ජනතාවට එයින් සිදුවන පීඩනය පිලිබදව ඔවුන්ව දැනුවත් කිරීම සදහා රැස්වීම් පැවැත්වීම, අත්පත්‍රිකා ඛෙදීම, එම ව්‍යාපෘතිය ඇති කරන විනාශය පිළිබදව පොත් ඛෙදා හැරීම, කෙටි චිත්‍රපටි ප්‍රදර්ශණය කිරීම, මාධ්‍ය සාකච්ඡා, උද්ඝෝෂණ පැවැත්වීම ආදී ක්‍රියාකාරම්හි කිතුණු සහයෝගීතා ව්‍යාපාරය හා පොට් සිටි විරෝධී ජනතා ව්‍යපාරය එක්ව කටයුතුකර ඇත¡ අපගේ අවසාන ක්‍රියාකාරම වූයේ පොරුතොට සිට උස්වැටකෙයියාව දක්වා ධීවර ගම්මාන 8ක පමණ පෝට් සිටියට එරෙහිව ඔක්තෝම්බර 1 වෙනිදා (2016-10-01) පැය දෙකක පමණ කාලයක් පුරා සාර්ථකව පැවැත්වූ ජනතා උද්ඝෝණ ක්‍රියාදාමයයිි¡
ඉන් සතියකට පසුල එවැනි ජනතා ක්‍රියාකාරකම් වල පුරෝගාමීව කටයුතු කර ඇති හා කිතුනු සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජික පියතුමෙක් වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා හට එරෙහිව මඩ පත්‍රිකාවක් පිටිපන සහ උස්වැටකෙයියාව ආදී ප්‍රදේශවල ඛෙදා හැර තිබේ¡
මෙම ක්‍රියාවේ නියැලූන පුද්ගලයන් දෙදෙනෙකුව හදුනා ගැනීමෙන් පසුව පියතුමා විසින් මීගොමුව පොලීසීයට කරන ලද පැමිණිල්ලක් අනුව, පරීක්ෂණයක් පවත්වන ලදී¡ එම පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී ඉන් එක් පුද්ගලයෙක් කියා සිටියේ ඔහු එම පත්‍රිකාව ඛෙදා හැරීමට සම්බන්ධ නැති බවත් එම පත්‍රිකාව ඛෙදා හැර තිඛෙන්නේ ජෝන් අමරතුංග ඇමති තුමාගේ කාර්යාලයෙන් බවත්ය¡ ඔහු මෙම ප්‍රාකාශය සිදුකරන ලද්දේ පරීක්ෂණය සිදු කළ පොලිස් පරීක්ෂක වරුන් දෙදෙනා සහ එහි සිටි ගරු පියවරුන් පස් දෙනෙක් හා පැවිදි සොයුරියන් සහ ප්‍රදේශයේ ප්‍රජා නායකයන් 15 දෙනෙකු පමණ
ඉදිරියෙහි සියලූම දෙනාට ඇසෙන පරිදිය¡ ඉන් පසු ජෝන් අමරතුංග ඇමති තුමන්ව පරීක්ෂණයකට කැදවන්නට පොලිස් නිලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කළද එවැන්නක් කිරීම ඉතා අපහසු බව ඔව්හු අපට දැනුම් දෙන ලදී¡
පසු දිනක මාධ්‍ය කරුවෙක් ඇමති තුමාගෙන් මෙම තත්ත්වය විමසූ විට, ඔහු පවසා ඇත්තේ එම සැකකාර පුද්ගලයා එම සිද්ධියට සම්බන්ධ නැති බවත් ඒ නිසා ඔහුව චෝදනාවෙන් නිදහස් කරගැනීමට තමන් පොලීසිය ඇමතූ බවත්ය¡ එයින් ඉතාමත් පැහැදිලිව පෙනී යන්නේ දෙදෙනා අතර ඇති සමිප සම්බන්ධතාවය වේ¡
කිතුණු සහයෝගීතා ව්‍යපාරය වශයෙන් යහපාලන රජයේ ක්‍රිස්තියානි කටයුතු භාර ඇමතිවරයා මේතරම් පහත් සහ නින්දිත තත්ත්වයට වැටී තිබිම ගැන අපි ලැජ්ජා වන්නෙමු. එවැනි තත්වයකට එතුමා වැටුණු පළමු අවස්ථාව මෙය නොවන බවද අපි නොදන්නවා නොවේ¡
එබැවින්, ඛෙදා හරින ලද මෙම මඩ පත්‍රිකාවට ක්‍රිස්තියානි කටයුතු බාර ඇමති තුමාගේ ගේ සම්බන්ධය කිතුණු සහයෝගීතා ව්‍යපාරය වශයෙන් අපි හෙලා දකින්නෙම¡ු
මෙම සිද්ධිය පිළිබදව ඇමති තුමා හමුවී සාකච්ඡාවක් ඉල්ලා ලියා පදිංචි තැපෑලෙන් අපි ඉල්ලීමක් කළෙමු¡ නමුත් අපගේ ලිපියට පිළිතුරක් නොඑව්වේ එසේ කිරීමට තරම් මහත්මා බවක් එතුමා තුල නොමැති හෙයින් බව අපි තේරුම් ගත්තෙමු¡
අවසාන වශයෙන් අපි මෙසේ කියන්නෙමු¡ කදුලු ගෑස්, ජල ප්‍රහාර හා පොලිස් ප්‍රහාර ආදියට අමතරව මඩ පත්‍ර ඛෙදා හැරීම ජනතා හඩ මර්ධනය කිරීමේ අලූත්ම උපාය වශයෙන් යහපාලනය විසින් හදුනා ගත්තා විය හැක¡ හෙට තවත් ක්‍රියාකාරී පියතුමෙකුට/පැවිදි සොහොයුරියකට හෝ ගිහි ක්‍රියාධරයෙකුට මඩ පත්‍රිකාවක් ඔබගේ කාර්යාලයෙන් නිකුත් වීමට ඉඩ ඇත¡ නමුත් පෝට් සිටියට කිතුණු සහයෝගීතා ව්‍යපාරයේ විරෝධය හෝ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අපගේ මැදිහත් විම හෝ, මඩ පත්‍ර ඛෙදා හැරීමෙන් වලක්වාලිය නොහැකි බව ඔබට හා ඔබගේ හිත මිතුරන්ට හා ගෝල බාලයින්ට දැනුම් දෙන්නට කැමැත්තෙමු¡

ෂෙරාඩ් ජයවර්ධන පියතුමා
කිතුණු සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන්
2016 – 11 – 11

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article