spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘යළි JR යුගයකට යාමට කෙරෙන යෝජනාව පරාජය කළ යුතුයි’ – ජවිපෙ

Must read

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති

22 වැනි ව්‍යස්ථා සංශෝධනය නැවතත් හිටපු ජනපති ජේ ආර්. ජයවර්ධනගේ කාලයට ගමන් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ඔහු එබව සඳහන් කර තිබේ.

මෙම පනත් කෙටුම්පතින් විනිසුරන්, විගණකාධිපති, පොලිස්පති, නීතිපති ඇතුළු තනතුරු ජනපතිවරයා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බවත්, මෙය ජනතාවගේ කැමැත්ත මත ස්ථාපිත කළ ස්වාධීන පද්ධති විනාශ කරන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය ඒකාධිපති වියරුවක් බවත් එය පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Bimal Twite

 

‘රට ගෝත්‍රවාදයට තල්ලු වෙනවා’- විජිත හේරත්

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට ගෝත්‍රවාදය දෙසට තල්ලු කිරීමක් වන බවයි.

ජේ.ආර්. ජයවර්ධන 2 වන ජනරජ ව්‍යවස්ථාවට ඇතුළත් කළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ඡන්ද ප්‍රතිශතය වන 12.5% නැවත හඳුන්වා දීම විවිධ බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සීමා කරන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එම ප්‍රතිශතය 5% දක්වා අඩු කළේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි. ඒ තමන්ට ජනාධිපතිවරණයේ දී එම පක්ෂවල සහාය ලබා ගැනීම සඳහාය.

එසේම එතෙක් ජනාධිපතිවරයා සතුව පැවති 19 වෙනි සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාදායක සභාවට පවරා ඇති බලතල නැවත 22 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පැවරීම ඒකාධිපතිත්වයක් කරා යෑමක් බවට ජවිපෙ අර්ථ දක්වයි.
theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article