spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජ ගෙදර මරණයක් ගැන විමල් විරවංශගෙන් කතාවක්!

Must read

37635-coffin-halloween-decorations
“ගරු කතානායක තුමනි. අද රටේ මහා භායානක තත්වයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිගේ පුත් කුමාරයාගේ නිවෙසේ තරුණ මළ සිරුරක් හමුවී තියෙනවා. ඔහු ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍රයෙක් බව අනාවරණය වෙලා තියෙනවා. මේ තරුණයා කවුද? ඔහුගේත්, ජනාධිපතිගේ පුත් කුමරාත් අතර තිබුණු සම්බන්ධය කුමක්ද? එහෙම නැත්නම් ව්‍යාපාරික ගනුදෙනුවක්ද? එහෙමත් නැත්නම් අපි කවුරුත් නොදන්න වෙන යම් ගනුදෙනුවක්ද? ජනාධිපතිගේ පුත් කුමරා නිවෙසේ සිටියදීම ඔහු මැරණේ කෙසේද? මේ මරණය සම්බන්ධයෙන් පොලීසිය අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවාද? අපට දැනගන්න ලැබී තිබෙනවා මේ පරීක්ෂණ ජනාධිපති ආරක්ෂක අංශය යටතය අරගෙන කියල.

ජනාධිපතිවරයාගේ ආර්යාව විතරයි තවම මේ ගැන ප්‍රකාශ කරන්නේ. ඇයි ජනාධිපතිගේ පුතාට මේ ගැන කතාකරන්න බැරි. ඇයි ඔහුව හංගලා තියෙන්නේ. ඇයි ඔහු ඉදිරියට නොඑන්නේ. පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කළාද? මේ මරණය සිදු වූයේ කෙසේ ද කියලා මේරටත් රටේ ජනතාවත් දැනගත යුතුයි. කොහොමද මේ මරණය සිදු වුනේ. ස්වභාවික මරණයක්ද? නැතිනම් ඝාතන කුමන්ත්‍රණයක්ද? එසේත් නැතිනම් ස්වාභාවික මරණයක් ලෙස පෙන්වා ඔහුට විස පොවා සිදු කළ ඝාතනයක්ද? එවැනි ඝාතනයක්නම් එලෙස ඝාතනය කරන්න හේතු මොනවාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ රහස් ඔහු සතුව තිබුණාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ ව්‍යාපාරික ගණුදෙනු ගැන ඔහු දැන සිටියාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ වෙනත් සම්බන්ධතා ගැන ඔහු දැන සිටියාද?

කතානායක තුමනි,

මේ සභාව සත්‍ය දැනගත යුතුයි. අවුරුදු 24ක යොවුන් තරුණයෙක් ස්වාභාවික මරණයකට පත්වෙනවා කියන එක පිටුපස මහ අභිරහසක් තියෙනවා. ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ මැති ඇමතිවරුන්ගේ නිවෙස්වල වයසක උදවිය සේවකයන් මිය යන්න පුළුවන්. ඒත් ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍ර වයස 24ක යොවුන් තරුණයෙකු ඔහු සිටි නිවසේදීම මිය යෑම මහා කුමන්ත්‍රණයක්.

මේ තරුණයා ජනාධිපතිගේ පුත් කුමරා සමග රාත්‍රී කාලයේදී මෙම නිවසේ හමුවී තිබෙනවාලු. ඒ මොනවා ගැන සාකච්ඡා කරන්නද? රහස් රකින්නද? මුදල් ගනුදෙනුවලටද? ජනාධිපති මෙම අභිරහස් මරණයේ ඇත්ත රටට හෙළිදරව් වන තෙක් ජනාධිපති ධූරයෙන් ඉවත්විය යුතුයි.

මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි කියා යෝජනාවක් සම්මත කරන ලෙසට. අපට දැනගන්න ලැබී තිබෙනවා මිය ගිය තරුණයාගේ පවුලේ අය බියගන්වන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියා. සාක්ෂි වෙනස් කරන්න කුමන්ත්‍රණයක් දියත්වන බව ආරංචියි. මෙම කුමන්ත්‍රණය පරාජය කරන්න හෙට සිට කළු පටි බැඳ අපි මේ සභාව තුළ විරෝධතාවක් දියත් කරනවා.”

(සිය නිවසේදී සිය ප්‍රුත්‍රයාගේ මිතුරකු මිය යාම ගැන නිහඩව සිටින වීරවංශ එවැනි ත්තවයක් රජ ගෙදර ඇති වී නම් පාර්ලිමේන්තුවේ කරන්නට ඉඩ ඇති කතාව මව්බිම පුවත්පතෙහි උපුල් ජෝෂප් ප්‍රනාන්දුගේ ලිපියෙන් උපුටා ගන්නා ලදී)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article