spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රට රස්සාවකට ගිහින් ලංකාවේ නම ඉහලට ඔසවා තැබු නයිනමඩමේ නිශාන්ත…

Must read

නිශා 4නිශා 5ලංකාවේ නාමය ලංකාවේ කලාව ලෝකය මත තබන්නට විශේශයෙන්ම කලාකරුවන්ගේ තෝ තැන්නක් වු ඉතාලියේ වැනිස් නගරයේ ඒ යුරෝපියන් සමග උරෙන් උර ගැටි තම දක්ෂතා පෙන්වන්නට සමත් වු ලාංකීක කලාකරුවෙක් පසුගියදා තම නිවාඩුව ගත කරන්නට මව්බිමට පැමිණ සිටියදි අපට මුණ ගැසුනා , ඒ නයිනමඩම සාන්ත මරියා මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් නාත්තණ්ඩිය ධම්මිස්සර මහා විදුහලෙන් ද්විතික අධ්‍යාපනය ලබා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මූර්ති හා චිත්‍ර කලාව පිළිබඳව විශේශවේදි උපාධියක් හිමි නයිනමඩම ග්‍රාමයේ පදිංචි ජෝන් මාකස් නිශාන්ත අප්පුහාමි 33 නැමති ඒ අපූර්ව කලාකරුවාය. අප සමග කතාබහට එක් වු නිශාන්ත අප්පුහාමි මහතා මෙසේ පැවසීය,

.………..”මූර්ති හා චිත්‍ර කලාව සම්බන්ධයෙන් මට විශේශ උපාධියක් තිබුණත් මට තිබුණ ආර්ථික ගැටළුත් සමග මම 2009 වසරේදි ශ්‍රමිකයෙක් ලෙස විදේශ ගත වෙනවා
ඒ යන්නේ ඉතාලියට එහෙ ගියත් මගේ ඇඟේ තිබුණ ඒ කලාව ඒ කලාවට තිබුණ අශාව යටපත් කරගෙන ඉන්න පුලුවන් කමක් තිබුණේ නැ මට රැකියාවක් ලෙස ලැබුණේ අවන්හලක සේවය කරන්න ඒක ටිකක් අමාරු වුනත් මට නිවාඩු ලැබුණු හැම වෙලාවකම මම මූර්තියක් චිත්‍රයක් නිර්මාණය කලා මට භාෂාව ගැන ගැටළු තිබුණත් මගේ ඥාති සහෝදරයෙක්ගේ උදවු අරන් මම කරපු නිර්මාණ ගැන අවන්හල් හිමියා දැනුවත් කරලා අවන්හලට ඒන් අමුත්තන්ට මේ නිර්මාණ පෙනෙන තැනක තියගන්න මට අවස්ථාව ලැබුණා. නිශා 7
මම සේවය කලේ ඉතාලියේ වැනිස් නගරයට කිට්ටු ත්‍රියෙස්තෙ පළාතේ මොල්ෆැල්කෝනේ කියන නගරයේ මගේ නිර්මාණ ගැන මගේ නිර්මාණ ශෛලිය ගැන ගොඩාක් ඉතාලි ජාතිකයන් අගය කලා මම බොහෝ නිර්මාණ කලේ ලාංකීය හුරුවත් සමග මේ නිසාම මගේ නිර්මාණවල තිබු ඒ වෙනසට ඉතාලි ජාතිකයන් ලොකු කැමැත්තක් දැක්වුවා මගේ මේ දක්ෂතා දැකපු එම නගරයේ නගරධිපති තුමාගේ ආරාධනයෙන් මම එහෙ මගේ නිර්මාණ ප්‍රදර්ශනයක් කලා ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා, ඒ වගේම එහේ ඉන්න කලාකරුවන් රැසක් මට අඳුන ගන්න ලැබුණා මම දුෂ්කර වුනත් රැකියාවත් අරක්ෂා කරගනිමින් ඉතාලියේ ඌදිනේ ත්‍රියෙස්තේ යන නගරවලත් මගේ නිර්මාණ ප්‍රදර්ශනය කලා නිශා 3
මේ හේතුවෙන් පසුගිය ජුනි මාසයේ ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් හා කලාකාමීන් එකතුවන වැනිස් නගරයේ ඉතාලියේ ප්‍රසිද්ධ කලාකරුවන් සමග කල නිර්මාණ ප්‍රදර්ශනයකට මගේ නිර්මාණ නිර්මාණත් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලැබීම ලාංකිකයෙක් ලෙස මටත් මගේ රටටත් ලැබුණ සුවිශේශතම අවස්ථාවක් ,
එම ප්‍රදර්ශනය නම් කරලා තිබුණේ ඩ්‍රීම්ස් ඇන්ඩ් විෂන් වැනිසිය ලෙස ලෝක ප්‍රසිද්ධ කලාගාරයක් වන සාන්ත සකරියා හිදි තමා මේ ප්‍රදර්ශනය තිබුණේ යුරෝපියන් අතර සිටි එකම ආසියාතිකයා වුනේ මම ලාංකිකයෙක් ලෙස මට ලොකු අඩම්බරයක් මගේ රට ඒ අය අතර රඳවන්නට පුලුවන් වීම් ගැන ඒකට ඉදිරිපත් කරපු පාලකයා පාලිතයා අතර තිබෙන ගැටුම විදහා දැක්වෙන මූර්තිය ඔස්ට්‍රියා වියානා නගරයේ කලාගාරයකට රැගෙන ගියා එහෙන් ආපු නියෝජිතයන් පිරිසක්, මගේ රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන මට මගේ හැකියාවන්ට රට තුල තැනක් නොලැබුණත් මට අද පුලුවන් වෙලා තියෙනවා මගේ රටේ නාමය යම් තරමකට හෝ ලෝකය තුල තබන්නට,
මම ණයගැති හැමදාම මගේ රටට මට මගේ හැකියාවන් දියුණු කරගන්නට අවැසි සියලුම දේ ලබා දුන්නට එත් අද මම සතුටු වෙනවා මම ඒ දියුණු කරගත්තු හැකියාවෙන් ලාංකීය නාමය ලාංකීය කලාව ඒ යුරෝපය තුල සලකුණු කරන්නට හැකි වීම ගැන ,මම මේ මොන දේ කලත් මම තාමත් මට ඉතාලියට ගොස් මුලින්ම ලැබුණු අවන්හලේ රැකීයාවත් අරක්ෂා කරගෙන මගේ නෝනා හා දුවත් එක්ක සිටිමින් තමා මේ හැම දෙයක්ම කරන්නේ . නිශා 2

පිටරට ගොස් ලාංකාවේ නාමය කෙළසමින් ඉන්න ලාංකිකයන් අතර නිශාන්ත වැනි කලාකරුවන් අපේ රටේ නාමය මේ තරමින් හෝ අරක්ෂා කරලමින් ලාංකීකත්වය ලොව තුල සනිහිටුවන් කරන්නට දරන මේ උත්සහයට අපි සුභ පතන්නෙමු.
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article