spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”රත්තරන් හොරා” යැයි කියමින් ලංසා රොයිස්ට අපහාස කරලා ?

Must read

රොයිස් මීගමුවපසුගිය දිනක බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයා විසින් ලංසා පවුල බරපතල විවේචනයකට ලක්කරමින් මීපුර වෙබ් අඩවියට විඩියෝ ප්‍රකාශයක් ලබා දි තිබුණි.
එහිදි ඔහු අවධාරණය කර තිබුනේ මීගමුව යළිත් කිසිලෙසකින් වත් සල්ලාලයන්ගේ සහ පාතාලයන්ගේ පාලනයකට නතුවන්නට ඉඩදෙන්නේ නැති බවත්ය.
ලබන පළාත් පාලන මැතිවරණයේදි කෙසේ හෝ මීගමුව ජය ගන්නවා ගන්නවාමයි යැයි ඔහු අවධාරණය කර සිටි.
මේ විඩියෝ ප්‍රකාශයට අන්තර්ජාලය තුල මහත් ප්‍රතිචාරයක්ද ලැබි තිබුණි.
කෙසේ වෙතත් ඊයේ පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි මේ විඩියෝ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මීගමුව එජාප සංවිධායකවරයාට රත්තරන් හොරා යැයි කියමින් නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා අපහාස කර ඇති බව වාර්ථා වේ.
මෙයට ප්‍රතිචාර දක්වමින් එජාප නාගරික මන්ත්‍රිවරුන් වන රවි ජිවානන්ද සහ ගිහාන් ප්‍රනාන්දු ප්‍රනාන්දු මන්ත්‍රිවරුන් කියා ඇත්තේ මෙම සභාවේ නැති අයෙකු ගැන එසේ නම සදහන් කර කතා කරන්නට නියෝජ්‍ය නගරාධිපතිට නොහැකි බවය.
එමෙන්ම රවි ජිවානන්ද මන්ත්‍රිවරයා කියා ඇත්තේ මීගමුව ආසනය වැඩි ඡන්ද 31000 කින් දිනන අතර නිමල් ලංසාගේ මනාප ගණන 12000 ක් තරම් අඩු මට්ටමකට වැටුනේද ඇයිද යනුවෙනි.
ලංසා පවුලේ අය රොයිස් විජිත මහතාට එරෙහිව ගෙන ගිය අපහසාත්මක ප්‍රචාරක වැඩපිළිවෙල මීගමුව ජනයා විසින් තිරාණාත්මකව පරාජය කර තිබුණ බවද අවධාරණ කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article