රත්ත ගමගේලා ,භුමිතෙල් මිළ සහ ඉන්දියානු ධිවර ආක්‍රමණය ?

0
127

සමස්ථ ලංකා පොදු ධිවර සම්ෙමිලනයේ ජාතික
සංවිධායක රත්න ගමගේ 2024 අප්‍රේල්   07 වනදා මිගමුව ප්‍රදේශයේ
පැවැති මාධ්‍ය හමුවකදී ධීවරයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති අකාරය ගැන අදහස් දක්වන ලදී.
‘එක්ෂ්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන වසර තුනක් ගතවුනත් ඒ
සම්බන්ධයෙන් ධිවරයින්ට සාදාරනයක් ඉෂ්ඨ කරන්න ආණුඩුවට හා පාලකයින්ට
තවම අවස්ථාවක් ලබාගෙන නැහැ. මේ ගිණි ගැනීම නිසා ධිවර කර්මාන්තයට සිදු වු හානිය තවමත් සිදු වෙමින්
පවතිනවා.

ඉන්දියාණු මැතිවරණය පැවැත්විමේ දින ආසන්නයි, උතුරේ මුහුදේ සිදුවන ඉන්දියානු ආකමනය එන්න එන්න උග්‍ර බවට පත්වෙනවා.

ඉන්දියාණු ජනාධිපති නරේද්‍ර මෝදි මහතා තමන්ගේ ජන්ද ව්‍යපාරය කරන්න
තමිල්නාඩු ප්‍රාන්තයේ තමිල්නාඩු ජනතාව පැත්තට අත වනනකොට අනිත්
පැත්තෙන් අත වනනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ එයාව බලයට ගෙන ආ
පොහොටිටුවයි මේ කාල සීමාව තුල ජන්දෙ ඉවර වෙනකම් ඉන්දියාණු
ධිවරයාන්ට මාළු ටික අල්ල ගන්න ඉඩ දෙන්න කියලා.”

1 3

එදා ධීවරයන් 10කටත්.අඩුගානක් එක්ද මාධ්‍ය සාකච්ජා තියපු රත්න ගමගේ අද ධිවර නියෝජ්‍ය ඇමති.

එයා අද මිගමුවට ඇවිත් තිබුන කොතලාවල පාලම ලග ජැටිය හදන වැඩේට ධීවර නියෝජ්‍ය ඇමති හැටියට

අද මේ උත්සවය තිබුන තැන ඉදන් මිටර් 100කට එහායින් කලපු තිරුවේ කොටසක ධිවරයෝ ඉතාමත් සුළුපිරිසක් එක්ක බෝඩ් අල්ලන් උද්ඝෝෂණ කරපු රත්න ගමගේ අද ධිවර නියෝජඇමති .

මේ වෙනසට පාර කපපු ජනඅරගලයට නම් මිගමුවේ ජවිපෙ වත් රත්න ගමගේලවත්  කරපු දෙයක් නැති තරම් දවස් කිපයක් රෑට රෑට අරගල භුමියට ආවා ගිය දොස්තර හෙන්රිත් පස්සේ නැවිත් අත්හැරියා.

එයාට ඉහල බොස්ල කියන්න ඇති ඔතන වැඩේ ලීඩ් කරන්නේ පෙරට්ටුවෝ ඒ හින්ද යන්න එපා කියල.හැබැයි සංගිත් වැඩේට බැහැලමයි හිටියේ.අනික මිගමුවේ ජන අරගලයේ පලවෙනි සාකච්ජාවේ ඉදන්ම හිටිය දැවැන්තම චරිතයක්.

රැල්ලේ වාසිය ගත්ත ජවිපෙට ආණ්ඩු බලයත් ලැබුන.රත්න ගමගේ ධිවර නියෝජ්‍ය ඇමතිත් වුනා.wp 1682485722907

හැබැයි එයාලම බෝඩ් අල්ලගෙන උද්ඝෙෂණ කරපු භුමිතෙල් මිලේ සෑබැ සහනය තාම ධිවරයන්ට දෙන්න බැරිවෙලා

දැන් දවස් දෙකකට කලිනුත් ඉන්දියන් ධිවරයෝ උතුරු මුහුද ආක්‍රමනයකරල මත්‍යස්‍ය සම්පත සූරන් කනව.

0011

මේවට එ⁣රෙහිව එදා  පුවත්පත් සාකච්ජා තියපු රත්න ගමගේලාට අද ඇමතිලා වෙලත් උතුරේ ධිවරයන්ට සාධරණයත් කරන්න බැරි වෙලා..

වෙනස සැපද කියල කියල අහන දිනය වැඩි ඈතක නෙමේද මන්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here