spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රතුපස්වල තින්දුව කල් යයි- ⁣කතෝලික පල්ලියටත් චෝදනාවක් ?

Must read

2013 වසරේ අගෝස්තු 01 වන දින ගම්පහ වැලිවේරියේ රතුපස්වල කේන්ද්‍ර කරගෙන හේලීස් ව්‍යාපාර සමූහයට අයත් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය විස වීම නිසා  එයට එරෙහිව පිරිසිදු ජලය ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර හමුදාව විසින් සිදුකළ  වෙඩි තැබීමෙන්  පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගිය අතර පනහකට වැඩි පිරිසක් තුවාල ලැබුහ. මෙම වෙඩිතැබිම සිදුකළ  පුද්ගලයින්ට විරුද්ධව පැවති නඩුවේ   තින්දුව ගම්පහ – බස්නාහිර පළාත්බද අධිකරණයේදී  ලබාදිමට නියමිතව තිබුනත් , කාල වේලාවේ ප්‍රමාදයක් හේතුවෙන් නඩු තින්දුව ලබාදිම අධිකරණය විසින් මැයි 17 වනදාට කල්තබා තිබේ.රාජපක්ෂ පාලන සමයේදී සිදුකළ මෙම ඝාතනය හා ජනතා මර්ධනය හමුවේ ජනතාව පසු නොබැස සටන් කළ අතර මෙහිදි පෙරමුණ ගෙන ක්‍රියාකළ ක්‍රියාකාරින්ට මරණ තර්ජන එල්ල විය.

මෙම නඩුවේ තීන්දුව අද නිකුත්වීමට නියමිතව තිබූ බැවින් එම ස්ථානයට සමාජ හා  දේශපාලන ක්‍රියාධරයන් මෙන්ම මාධ්‍ය වේදින් සහභාගී වී සිටියහ. මෙහිදී මාධ්‍ය අමතා කතා කළ බ්‍රිෙටා් ප්‍රනාන්දු ( අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවෙ කැදවුම්කරු ) ප්‍රකාශ කලේ රතුපස්වල ජනතාවට සිදුකළ මර්ධනිය ප්‍රහාර හමුවේදි පසු නොබැස ක්‍රියාකළ ජනතාව වෙනුවෙන් අධිකරනයේදී සාක්ෂි දීමට කතෝලික සභාව මැදිහත් නොවූ බව ගම්වාසින්ගෙන් දැනගන්නට ලැබුන බවත් ඒ ආකරයට කතෝලික සභාව කටයුතු කළා නම් එය අසාධාරණයක් බවත් අවධාරණය කරන ලදී.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article