රදගුරු මැක්සල් ග්‍රැන්විල් සිල්වා හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ආදායම්ලාභීන්ට වියලි සලාක

0
200

මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලය හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් දුප්පතාගේ නිවසේ බතක් ඉදුනු දා නියම නත්තල් දිනය වනු ඇතැයි මර්සලින් ජයකොඩි පියතුමාගේ උදාර සංකල්පය මුල් කරගෙන අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි සලාක බෙදා දීම කොළඹ සහායක රදගුරු මැක්සල් ග්‍රැන්විල් සිල්වා හිමිපාණන්ගේ සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 22 වෙනි දින කටුව පිටිය දේවස්ථාන පරිශ්‍රයේදී4 සිදු කරන ලදී.මෙම අවස්ථාවට කතෝලික බල මණ්ඩලයේ ලේකම් එම්මානුවෙල් පියුම් වර්ධන ,බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද ඒක්වූහ.මෙහිදී ගවලෙන් තරඟයේ ජයග්‍රහක ජයග්‍රහයකාවන්ට ත්‍යාග බෙදා දීමද සිදුවිය. ජේසු බිලිදාගේ ප්‍රතිමාව තැන්පත් කිරීම සහායක හද ගුරු හිමිපාණන් වෙතින් සිදුවිය. මෙම අවස්ථාවට සර්ව ආගමික පූජකවරුන් සහභාගී වීම විශේෂ සිද්ධියක් විය. මීගමුව කලාප නාහිමි ශාන්ති කුමාර් වැලිවිට පියතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.WhatsApp Image 2024 12 24 at 16.51.42 8bf8fa29 WhatsApp Image 2024 12 24 at 16.51.46 e1904286 WhatsApp Image 2024 12 24 at 16.51.44 bf4bd854 WhatsApp Image 2024 12 24 at 16.51.43 8f301573

රේමන්ඩ් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here