spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්ජාව බලන්න රනිල්ලා යයි !

Must read

Mangala_Ranjan_Selfyරිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.

‘පී’ සිර මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව ඔහු හමුවීමට ඉඩ සලසාදී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ ඊයේ (13) වීම විශේෂත්වයකි.

මෙතෙක් නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ තිබුණේ නැත.

මේ වනවිට රන්ජන් සමග ‘පී’ සිර මැදිරියේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද රඳවා සිටී.
lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article