spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රවී ඇයි, අරක්කු නග්ගා විස්කි බැස්සුවෙ ?

Must read

අරක්කු ඇඅයවැය කතාවේදී ප්‍රකාශ නොකර ගැසට් පත්‍රයක් මගින් විදේශීය මත්පැන් මත මෙතෙක් කල් පනවා තිබූ 11%ක වැට් බදු ඉවත් කිරීමත් සමඟ විදේශීය මත්පැන් බෝතලයක මිල පහල බැස තිබේ.

ඒ අනුව, සුපිරි වෙළෙඳ සැල්වල ඇති මිලිලීටර් 750 “රෙඩ් ලේබල්” විස්කි බෝතලයක වත්මන් මිල වන්නේ රුපියල් 4,550කි.

මීට පෙර මෙම මත්පැන් බෝතලයක් එම වෙළෙඳ සැල්වල අලෙවි කරනු ලැබුවේ රුපියල් 5,650ක් වැනි මිලකට වන අතර ඒ අනුව මේවන විට “රෙඩ් ලේබල්” විස්කි බෝතලයක මිල රුපියල් 1.000කින් පමණ පහල බැස ඇත.

බ්ලැක් ලේබල් විස්කි බෝතලයක මිල රුපියල් 850කින් පමණ පහල බැස තිබේ.

මීට පෙර බ්ලැක් ලේබල් විස්කි බෝතලයක් රුපියල් 8,400ක් පමණ වූ අතර දැන් එහි මිල රුපියල් 7,550ක් දක්වා පහත වැටී ඇත.

වැට් විස්කි බෝතලයක මිලද රුපියල් 1000කින් පමණ අඩුවී ඇත.

එහි වර්තමාන මිල වන්නේ රුපියල් 3,500කි. එහි පැරණි මිල වූයේ රුපියල් 4,500කි.

අරක්කු බෝතලයක් මත බද්ද දහස පනියි

සෑම බදු ගෙවූ මත්පැන් බෝතලයකටම ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට නියම කිරීම, මත්පැන් නිෂ්පාදන ගාස්තුව රුපියල් මිලියන 150ක් කිරීම, මධ්‍යසාර නිෂ්පාදනය කරන ස්කාගාර අයිති ආයතනවලින් රුපියල් මිලියන 250ක් හා මධ්‍යසාර පමණක් නිෂ්පාදනය කරන ආයතනවලින් රුපියල් මිලියන 50ක් මාසිකව අය කිරීමට නව අයවැය මගින් යෝජනා කර ඇත.

මීට අමතරව, අයවැය යෝජනා නිසා සාමාන්‍ය අරක්කු බෝතලයක මිල රුපියල් 150 කින් වැඩි විය.

කෙටි කලක් තුළ මිලිලීටර් 750 ක අරක්කු බෝතලයක මිල රුපියල් 200 කට ආසන්න මුදලකින් ඉහල ගොස් තිබේ.

ඒ අනුව වර්තමානයේ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 1,250 ක් දක්වා ඉහල ගොස් ඇති අතර, පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 1,400ක් දක්වා ඉහල දමා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනුව සාමාන්‍ය ගල් බෝතයක් මත වර්තමානයේ පැටවී ඇති බද්ද රුපියල් දහසකටද වඩා වැඩි බව පැවසේ.

හොර මත්පැන් අලෙවිය වැඩි වෙයි !

මත්පැන් මිල ඉහලයාමත් සමඟ හොර මත්පැන් අලෙවියේ වැඩිවීමක් ඇති බව සුරාබදු දෙපාර්තමෙන්තුවේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ අතරින් ගෘහ කර්මාන්තයක් ලෙස ගෑස් සිලින්ඩර් භාවිතා කරමින් අරක්කු පෙරීම ප්‍රචලිතවී ඇති බවටද තොරතුරු ඇතැයි පැවසේ.

Home

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article