spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රස නහර පිනායන මුනව්පර්ගේ කංජි වීදුරුව

Must read

 DSC_0831

මීගමු නගරයේ විවිධ රැකියාවන්වල, විවිධ කුඩා ව්‍යාපාරවල යෙදෙන අය නිතර හමුවේ.ඒ අය අතර සමහරු විවිධ කෑම වර්ග, විවිධ බීම වර්ග සකසා විකුණති. ඒනිසා ලොකු හෝටලේකට යාගත නොහැකි අයට අවශ්‍යතාවයක් ඇත්නම් පාරතොටේදී හමුවන එවැනි කුඩා වඩ කඩයකින් වඩයක රස බැලිය හැක. රස ගුණ පිරි කැද වීදුරුවක් පානය කළහැක. මේ හා සමානව සවස් වරුවක රස කංජි වීදුරුවක් පානය කිරීමට නම් ඔබ පැමිණිය යුත්තේ කොතලාවල පාලම අසලටය. තල්ලු කරගෙන යන කරත්තයක තම ආම්පන්න ටික පටවාගෙන පාලම අසල කලපුව අයිනේ නතර කර තම කටයුත්ත අරඹයි. සවස් වරුවේ මෙම ස්ථානයෙන් යන එන අය කලපු සිරියද නරඹමින් මෙකී කංජි වීදුරුවක රස බැලීමට කැමැත්තක් දක්වන බව මෙහි එක්රොක් වන ජනයා දෙස බලනවිට පැහැදිළි වේ. මේ කංජි විකුණන්නා නමින් ‘මුනව්පර්ය’.

ඔබේ අධ්‍යාපන ලැබුවේ කොහේද?

මම ගියේ කැකුණගොල්ල සෙන්ට්‍රල් කොලේජ් එකට. 9 වසර ට විතරයි මම ගියේ. දෙමළ භාෂාවෙන් තමයි ඉගෙන ගත්තේග 9 වසරින් පස්සෙ අධ්‍යාපනය අත්හැරිය. ඊට පස්සෙ ඉගෙන ගන්න මට සල්ලි තිබුනෙ නෑ.

මීට පෙර ඔබ වෙනත් රස්සාවල් කළාද ?

මම ඉස්සර වැඩකළේ කොළඹ මාකට්එකේ කුකුල්මස් කඩේක. කුකුල්ලු කපපු  එක තමයි කළේ. අවුරුද්දක් විතර වැඩකළා. ඊට පස්සෙ රට ගියා. එහෙ කිරි කොම්පැනියක වැඩකළා. මාස 7ක් එහෙ වැඩ කළා. ලංකාවට ආවට පස්සෙ මේ රස්සාව පටන් ගත්ත. දැන් මේ රස්සාව පටන් අරගෙන අවුරුදු 25කට වැඩියි.

ඇයි මේ රස්සාවම කරන්න හිතුවෙ? මතුවුන ප්‍රශ්ණ මොනවද?

ජීවත් වෙන්න ක්‍රමයක් ගැන කල්පනා කරනකොට මට ආවෙ මේ වගේ දෙයක් කලොත් හොදයි කියලයි. මේවා කරන්නෙ කොහොමද කියල මට තේරුමක් තිබුන. ඉස්සරනම් එකඑක අය කරදර කළා. දැන්නම් ඒ කරදර නැහැ. වැස්සත් එක ප්‍රශ්ණයක්. වැස්ස දවස්වලට සෙනග අඩුනිසා කංජි ඉතුරු වෙනව.

කංජි කොහොමද රසට හදන්නෙ? හදල ගේන්නෙ?

රතු කැකුළු හාල්, සව්හාල්, මුංඇට , කජු, මිදි, නූඩ්ල්ස් දාල තමයි මේව හදන්නෙ. සේරම දේවල් පිරිසිදුව තෝරල බේරල ගන්න ඕනෙ. මුලින්ම කාමච්චෝඩෙ මාකට් එකෙන් ඕනකරන දේවල් ගන්නව.උදේ 9.00ට විතර හදන්න පටන් ගන්නව. 12.00 වෙනකොට හදල ඉවරයි. හවස 2.00 වෙනකොට කංජි කරත්තෙන් තමයි පාලම ලගට ගේන්නෙ. රෑ 8.30 වෙනකොට වැඩ සේරම ඉවරයි.

වියදම සහ ආදායම ගැන අදහස

මුලින්ම වැඩේ පටන්ගන්න කොට මේ කරත්තෙ හදන්නම අවුරුදු 3කට ඉස්සෙල්ල රු. 75000/ විතර ගියා. ඒ බඩුමුට්ටු (හට්ටි මුට්ටි ආදිය) හැර. ඒවටත් රු. 25000/ ක් විතර වියදම් වුනා.දවසකට කංජි හදන්න බඩු ගන්න රු. 4000/ ක් වගේ යනව. ඒ වගේම රු. 3000/ක් 3500/ වගේ ආදායමක් ලැබෙනව.

පවුලේ තොරතුරු කොහොමද?

මම මෙහේ බෝඩිමක ඉන්නෙ. සතියකට සැරයක් ගෙදරට යනව. අම්මයි තාත්තයි ඉන්නෙ අපි  ලඟ. මමයි මල්ලියි තමයි ඒ අයව බලාගන්නෙ. මගෙ එක දරුවෙක් 7 වසරෙ(පුතා) එක්කෙනෙක් 4 වසරෙ(දුව) අනික් දෙන්න ස්කෝලෙ යන්නෙ නෑ. ඉතින් කංජි විකුණල තමයි මේ ඔක්කොම කරන්නෙ.

මුනව්පර් ඉපදුනේ නාරම්මල නමුත් මීගමුව අද ඔහුගෙ ගමවගේ. ගම් ප්‍රෙද්ශ ගණනාවක මිනිස්සු ඔහුව දන්නව. මුන්නක්කරය, වැල්ලවීදිය, පිටිපන, කඩොල්කැලේ යන සෑම දිසාවෙන්ම මුනව්පර්ගෙ කංජි පානය කරන්න හවස්වරුවට කොතලාවල පාලම ලගට එනව. ඒ හැම දෙනෙක්ම කංජි වීදුරුවට වගේම මේ කංජි මල්ලිටත් කැමතියි. අද මිනිස්සු කන්නෙ බොන්නෙ වස. එහෙම බලනවිට මේ කංජි මල්ලි මිනිස්සුන්ට දෙන්නෙ රසවත් පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඔහු කියන්නෙ හොරයක් බොරුවක් නොකර අවංකව යමක් කරනවනම් ඒක තමන්ටත් ලොකු සතුටක් කියලයි. ඔහුට සතුටක් ගේන මේ කංජි වෙළදාම මේ ස්ථානයට කංජි පානය කරන්න එන සියළුදෙනාටම සතුටක්.


සටහන  සහ ඡායා – සැම්සන් ඥානසිරිDSC_0837

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article