spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ දී කපාදැමූ ගම්මාලු ගස ප්‍රවාහනය නීති විරෝධියි ??

Must read

පසුගිය නොවැම්බර් 15 වනදා වනවිට රාජපක්ෂ උද්‍යානයේ තිබූ  ගස් 4ක් මීගමුව නගර සභාව විසින් කපා දමා එය දැව  සංස්ථාවට  අළෙවි කිරීමට මේ වනවිට සූදානම් කර තිඛේ. මෙම    කැපූ ගස් අතර විශාල ගම්මාරු ගසක්  ද තිඛේ. මෙම ගස් කැපීමට හේතුව කුමක්ද කියා තක්සේරු කිරීමට කිසිම පදනමක් නොමැත්තේ  මීිනගමුව නගර සභාව විසින් මෙම ගම්මාලු ගස කැපීමට අදාළ කිසිදු ආයතනයකින් අවසරයක් ඉල්ලා නොමැති බැවිනි.  ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ මාර ගස් වැනි ගසක් කපා ප්‍රවාහනය කරන්නට  ප්‍රා.ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත හැකි වුවත්,ගම්මාලු ගසක් කැපීමට  දිසා වන  කාර්යාලයේ අවසරය ලබාගත යුතු බවයි.  එසේ වුවත්  වසර  70ක් පමණ පැරණී යැයි සැලකෙන මෙම රූස්ස ගම්මාලු ගස කැපීමට ගම්පහ අඩවි වන කාර්යාලයෙන් අවසර ගෙන නොමැති අතර මේ වනවිට මෙම ගස කපා දමා අවසන්ය.
මේ සම්බන්ධයෙන් රාජපක්ෂ උද්‍යානය ට සමීපතම ප්‍රදේශවාසීන් අතර විශාල විරෝධතාවයක් මතුවී තිඛෙන අතර ඔවුන් පවසන්නේ  මෙම ගම්මාලු ගස කපා  දමා ඇත්තේ කිසිදු හේතුවක් නොමැතිව බවයි. මෙම ගස ආරක්ෂා කිරීමට මීගමුව නගර සභාවට අවශ්‍ය තිබුණා නම් දැව සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි පර්යේෂායතනය වෙත  දැනුම් දිය යුතුව තිබුණි. එසේ වූවා නම් එම ගස ඉවත්කළ යුතුද රැකගැනිමට අවශ්‍ය නම් ගතයුතු පියවර සම්බන්ධයෙන්  එම ආයතනයේ පරිසරවේදීන් ගේ උපදෙස් අනුගමනය කළ හැකිව තිබුණි. එපමණක් නොව ලංකාවේ උද්‍යාන දෙපාර්තමේන්තුවටද මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා නම් ඔවුන්ටද ඒ පිළිබදව සොයා බලන්නට හැකියාවක් තිබුණි.
නමුත් මීගමුව නගර සභාවේ අයත් කවුරුන් හෝ පුද්ගලයෙකුගේ හිතුමනාපෙට සිදුවී ඇති මෙම ක්‍රියාව  ඉතාම අන්තනෝමතික මෙන්ම පාරසරික විරෝධී ක්‍රියාවක් වන අතර  මෙවැනි පුද්ගලයින්ට උද්‍යාන පාලනය බාර කිරීම යනු නරියාට කුකල්ලු බාරදීම වැනි ක්‍රියාවකි. කෙසේ හෝ රාජපක්ෂ උද්‍යානයේ ඉතිරිවී ඇති ගස් ආරක්ෂාකරගැනීමට හෙට දිනයේදී වත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරවිය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article