spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ දුෂණ ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට….

Must read

DSC_0110new

(2.25) රාජපක්ෂ  උද්‍යානයේ  පසුගිය  පාලන  කාලයේදී   තිබුණු   දූෂිත  පාලන රටාව    දඩමීමා  කර ගනිමින්  අයතා  ගසාකෑම්  නිතර  සිදුවු  ආකාරය  මීටපෙර  අපගේ   වෙබ්  අඩවියෙන්   පැහැදිළි  කළෙමු.    එදා  සිට  අද දක්වා මෙහි  ගලායැමක්  මිස  අඩුවක්  නැතිබව   පහත  කරුණු  අනුව  පැහැදිළි කරගත හැක.

උද්‍යානයේ  ගස් කැපීම

උද්‍යානයේ   වටිනා  ගස්   හේතුවක්  නැතිව  කපාදැමීමේ   ඉතිහාසයක්  තිබින.  ඒ අනුව  යමින්  කොමසාරිස් වරයා  උද්‍යානයේ  ගස් 4ක්   කපාදැමුවේ  ඇයිද?  යන්නට   පිළිතුරක්   නැත. අවට  ප්‍රදේශ  වාසීන්ට අනුව  උද්‍යානය  වටේ  ඇති  පාරට  නැමුනු අතු   කපන  ලෙස   නගරසභාවෙන්   ඉල්ලා  සිටියද  ඒ ගැන ඔවුන්  කථාවක්  නැත.  තාප්පය  කඩා  කපනලද  ගස්වල  මුල්  කොටස්  මේ වනවිට  රැගෙන ගොස් ඇත.  මෙය  බරපතල  අපරාධයක් බව   ජනතාව  අතර   නිතර   කථාබහට  ලක්වේ.

ටිකට්    මගඩිය

මේ වනවිට   රාජපක්ෂ   උද්‍යානයේ   අවසරපත්වල   මිල ඉහළ  දැමීම නිසා   එන  පිරිසේ  අඩුවක්    ඇති බව වාර්තා වේ.  එසේම  එසේ  පැමිණෙන  අයගේ  අවසරපත්  නැවත  ඔවුන්ගෙන්  ලබාගෙන  විකිණීමේ  ජාවාරමක්  පවතින  බවද,  .ලබාගන්නා  අවසරපත්  ඉරා  නොදමා  සාමුහිකව  මෙම මගඩිය  කරගෙන  යන බවට ද  තොරතුරු ඇත.

ආරක්ෂක  අංශය

මේ සදහා   උදේ  සවස  14 දෙනෙකු  යෙදිය  යුතු  නමුත්  7දෙනෙක්  යොදවා   මෙම කටයුත්ත  සිදුකරන  බවත් ආරංචිවේ. ඉතිරි  හත්දෙනා   ගැන  සදහනක් නැත.  නගරසභාවේ  ගනනය  කිරීමේ  නිලධාරීන්   පැමිණෙන  නමුත්  තත්වය  එසේම  පවතින  බව  ප්‍රදේශවාසීන්  පවසයි.

පිරිසිදු  කිරීමේ  අංශය

රාජපක්ෂ   උද්‍යානය  පිරිසිදු  කිරීම  සදහා   අබාන්ස්  ආයතනය  විසින්     පහලොස්  දෙනක්   යොදවා   තිබින. අක්කර  හතක්  පමණවු  මෙම  භූමිභාගය  පිරිසිදු  කිරීමට   අද  සිටින්නේ  තුන්දෙනෙකු   පමණි.  එනිසාම  අදාල  කාරණය නිසිලෙස  ඉටුනොවේ. කැන්ටිම  අසල  වැසිකිළියක්  නැතිනිසා   ගස්යට  මුත්‍රාකිරීමට  සිදුව  ඇතිබව   සමහරු  පවසයි.

.මේ  තාක්  දුරට   ඇතිවු  තත්වයන්   වෙනස්  කිරීමටනම්   අක්‍රමවත්  පාලන  රටාව  වෙනස්  කළ යුතුව ඇත. සංස්කෘතික   හැගීමක්  ඇති  මිනිසුන්  වශයෙන්   මීගමු  ජනතාව  මේ  පිළිබඳව  බලාපොරොත්තුවෙන්  සිටී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article