රාජපක්ෂ උද්‍යානයේ පවිත්‍ර කිරිමේ කටයුතු සදහා මාලිමා පාලනය විසින් යොදවා ඇති නගර සභා සේවකයන් ඒ කටයුතු සඳහා නිසි අයුරින් නොපැමිණිම නිසා මේ වන විට තැනින් තැන කුණු එකතුවි අවලසන්න තත්වයක් නිර්මාණය වි ඇතැයි මේ වන විට බරපතල චෝදනාවක් පවති.
මේ සටහන තැබෙන මොහොත වන විටත් නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කිපදෙනෙකු මේ තත්වය නිරික්ෂණය කරමින් සිටින බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මිගමුවේ භාරව සිටින ඇමති සුගත් තිලකරත්නගේ පුද්ගලික ලේකම්වරයාටද මේ වන ව්ට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.
ඒ ඔහු විසින් නගර සභාවේ පරිපාලන අධිකාරියේ කටයුතු වලට පවා අනිසි අන්දමින් ඇඟිලි ගසමින් විවිධ බලපෑම් කරමින් සිට්න නිසාය.
කෙසේ වෙතත් මේ වන විට ඉතාමත් අශෝභන අන්දමින් මේ දේශපාලන ඇඟිලි ගැසිම් බලපෑම් කිරිම් සම්බන්ධයෙන් මාලිමා පාලනයට රටපුරාම බරපතල චෝදනාවක්ද එල්ලවෙමින් තිබේ.












