රාජපක්ෂ පාක් එකේ කුණු අදින්න පටන් ගමු ?

0
877

 

රාජපක්ෂ උද්‍යානය කියන්නේ මිගමුවේ ජනතාවට දායාද කරපු අනර්ඝ පාරිසරික වස්තුවක් .
රාජපක්ෂ මුදළිදු මේක දුන්නේ ජනතාවට විවේකිව සිය සංස්කෘතික ජීවිතය ගතකරන්න.ඒ සඳහා කිසිම මුදලක් අයකරන්න එපා කියන එක මුලික කොන්දේසියක්.

මිගමුව නගරය මැද අක්කර 6ක පමණ භුමියක් ජනතාවට පරිත්‍යාග කරපු රාජපක්ෂ මුදළිදුගේ ඉල්ලිමට ගරහපු කුජීත දේශපාලන පවුල තමයි ලංසලා.

එයාල රාජපක්ෂ උද්‍යානය කියන නම පවා කාලෙකදි වෙනස් කලා.පුද්ගලික ⁣කොම්පැණියකට බදු දිල .ඒක ඩයිනෝ පාක් කියල නම් කලා.

මෙහෙම බලන කොට රාජපක්ෂ උද්‍යානයට අදාලව වංචා දුෂණ රැසක් මේ ලංසා පවුල විසින් කරල තියෙනව.

මාලිමා පාලනය රටතුල ස්ථාපිත වෙනකොට මිගමුවේ විතරක් නෙමෙයි රටේ අතිබහුතරයක් කල්පනා කලේ මේ දුෂිතයන්ට එරෙහිව නීතිය උපරිම විදියට ක්‍රියාත්මක වෙයි කියල.

පුනරුද ආණ්ඩුව බලයට ඇවිත් දැන් අවුරුද්දකට ලංවෙන්නත් එනවා.
මහනගර සභාවේ පාලනය භාර අරන් මාස තුනකටත් වැඩියි.ජනතාව හිතුවේ මිගමුව හප කරපු ලංසලට එරෙහිව නිතිය තදින්ම ක්‍රියාත්මක වෙයි කියල.

ලංසලත් එක්ක ඩීල් එකක්ද?

බලන් ගියාම ලංසලට විරුද්ධව මීක් නොකියන ගානට දැන් මාලිමා පත්වෙලා.මාලිමා නගර සභා පාලකයෝ ලංසලට විරුද්ධව තාම කිසිම දෙයක් කරල නෑ.

බිච් පාක් එක ගැන දැන් කතා නැ. රාජපක්ෂ පාක් එකට ආදාව වංචා දුෂණ හොයනව වෙනුවට පඩි ගෙවල පාක් සුද්ද කරන්න කම්කරුවෝ දාල ඉන්න කොට නගරාධිපතිත් රේක්කයක් අරන් කුණු අදිනව.නාගරික මන්ත්‍රී වරුත් කුණු කරත්ත අල්ලන් රඟපානව.IMG 20250810 WA0087

ඇත්තටම මේ ආතල් දෙන්නේ කාටද ?

ලංකාවේ දුෂිතම මහනගර සභාවේ දුෂණ වංචා හොයනව වෙනුවට වත්මන් නගරාධිපතිත් සමහර නාගරික මන්ත්‍රීවරුත් දැන් ජොකර්ලගේ ගානට වැටිගෙන එන හින්ද ලංසල පස්ස පැත්තෙන් හිනාවෙනව ඇති.

දේශපාලන අධිකාරිය ඉන්න ඕනා රේක්ක වලින් කුණු අදින්නවත්,කුණු කරත්ත අල්ලන් ඉන්නවත් නෙමේ..ජනතා දේපල කොල්ල කාපු මජර දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරල නගරය හෙටට ගැලපෙන එකක් හැටියට ගොඩනගන්න සැලසුම් හදන්න.

ලංසලගේ ගෝලයෝ මාලිමා පාලන කාලය තුල හදපු අනවසර කඩවල බිස්නස් නගරාධිපති හින්කෙන්දලාගේ මාලිමා පාලනය යටතේ ආරම්භ කරන තැනට දැන් කටයුතු සිද්ද වෙලා.

ලැජ්ජයි නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here