spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ සමයේ වැල්ල අල්ලා හෝටල්,පිහිණුම් තටාක ඉදිකළ තැන් ඉවත් කරන්නේ කවදාද ?(විඩියෝ )

Must read

dav

(10.45 pm ) මීගමුව වැල්ලේ පසුගිය පාලන සමය තුල ඉදිකරන්නට යෙදුන සියළුව අනවවසර ඉදිකිරිම් පිළිබදව විමර්ශන අරඹමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමා සහ වෙරළ සංස්රක්ෂණ නිළධාරින් පළගතුරේ සිට වැල්ල තිරයේ සිදුකර ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව ගනනය කිරිම ඇරඹුනේ 2016 වසරේ සිටය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සියළු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගන්නා බව පවසා දැනට වසර ගණනාවක් වුවද එය ක්‍රියාවට නැගුනේ මිට දින 2 කකට පෙරය.
ඒ අනුව ඉවත් කර තිබුනේ එවැනි තැන් 18 ක් පමණි.
කෙසේ වෙතත් ප්‍රදේශයෙ ඇතැම් හෝටල් හිමියන් පවසා සිටිනේනේ නිමල් ලංසාලට අයත් ටේස්ටි බානානා වැනි හෝටල් විසින් වැල්ල අල්ලාගෙන ඉදිකර ඇති ස්ථාන ඉවත් කිරිමට පියවර ගෙන නොතිබුණු බවය.
එපමණක් නොව වෙරළ තිරයේ පිහිණුම් තාටකයක් ඉදිකිරිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැතැයි රාජපක්ෂ පාලන සමයේදි වෙරළ සංරක්ෂණයේ ප්‍රධාන නිළධාරින් පවසා සිටියද වත්මන් වෙරළ සංරක්ෂණ ලොක්කන් අතින් හෝ එකි පිහිණුම් තටාකයට බාධාවන් එල්ල වෙන ලකුණු පෙනෙන්නට නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article