රාජ්‍ය සේවකයන්ට සහතිකපත් බෙදා දීම හා ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමේ උත්සවයක් මීගමුවේදී.

0
391

02379c27 7c49 403c 9db9 0084b738113c

“භාෂාව උගනිමු රාජ්‍ය සේවය කාර්යක්ෂම කරමු ”

යන තේමාව යටතේ රාජContact Forms 1්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රති පාදන මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධ අංශය මගින් රාජ්‍ය නිලධාරින් සඳහා සංවිධානය කරන ලද පැය 100ක දෙමළ පාඨමාලාව අවසානයේ සහතික පත් බෙදා දීමේ උත්සවය 26 වෙනිදින මීගමුව රුක්මණි දේවි මාවත පිහිටි ප්‍රජා ශාලාවේදී මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් මැණික් සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.මෙම අවස්ථාව සහතික පත් බෙදා දීම පමණක් නොව එම නිලධාරීන්ගේ සෞන්දර්ය කුසලතා එළිදැක්වීමේ උත්සවයක් වශයෙන්ද හැඳින්වියය හැකිය,

මීගමුව සහකාර ප්‍රාදේශීයලේකම් මැණික් සේනානායක මහත්මිය මෙම අවස්ථාවේ සහතික පත් ලාභීන් අමතමින් ඔබ ලබාගත් මෙම දැනුම තේමාවෙන් කියන පරිදි රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ප්‍රයෝජනවත් කර ගතයුතුය ,තම සේවා ස්ථානයට පැමිණෙන ජනතාවට දැන් ඔබට දමිළ බාසාවද කතා කිරීමට හැකියාව තිබෙන බැවින් වඩාත් ඵලදායි සේවාවක් කිරීමට පුළුවන් වෙනවා,මෙම භාෂා දැනුම ඔබ විසින්ම ප්‍රගුණ කළ ගත යුතුයි,රාජ්‍ය සේවයට පමණක් නෙමෙයි මෙම භාෂා දැනුම ඔබගේ පෞද්ගලික ජීවිතයටද විශාල අර්ථයක් ගෙනදීමට පුළුවන්,එබැවින් මෙම භාෂා දැනුම අප එකිනෙකාගේ ජීවන ගමනට දායක කර ගනිමු,

මෙහිදී දෙමළ භාෂාව හැදෑරීමට පැමිණ සිටි ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ප්‍රිමාල් රොෂන්ත යන අය විසින් විනාඩි දහයක පමණ කාලයකින් මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් මැණික් සේනානායක මහත්මියගේ ඡායාරූපයක් ඇඳ ප්‍රධානය කිරීම ද ප්‍රධාන සිද්ධියක් ද විය,

එස්. ඩැනියල් ගුරු මහතා මෙහිදී ඉගැන්වීම සිදුකළළ අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සම්බන්ධීකාරක සුසන්ත සපරමාදු මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී සුසිල් නෝනිස් මහතාද මෙම උත්සව අවස්ථාවට සහභාගි විය.මෙම සේවක මහතුන්ගේ කලා කුසලතා එළිදැක්වීම මෙහිදී සිදුවූ තවත් විශේෂ අවස්ථාවකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අධිකරණ,පොලිස් සේවය,අධ්‍යාපන සේවය,ගුවන් හමුදාව,යන සේවාවල රාජ්‍ය සේවකයන් මෙම පුහුණුවීමට සහභාගි වූහ.

c91a6f40 3702 4f2d 8a62 4f5d79bca131 dcc32839 1aa6 4328 9035 f10f49b24eaa 96f7c04d 7836 4c26 a240 2476c6719244 443d9e0f 1d9f 482f 8c6a fc07d9e291d6 2757ef7f 40a3 4f8a 9e9a 82bb19767a3e 1845006c 0129 422a 8347 d3afc1984cd2 a459a51c ee60 4ef9 9d7c 7a3c64c4bf1e

රේමන් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here