spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජ්‍ය නිලධාරින්ට නියෝග දෙන්න නගරාධිපති උපදේශකලට බෑ !- නියෝජ්‍ය කොමසාරිස් කියයි !

Must read

images a(8.00 am ) පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා දැන් මීගමුව මහනගර සභාවේ උපදේශකයෙකි.නියෝජ්‍ය කොමසාරිස්තුමිය පවසා සිටින්නේ නගරාධිති දයාන් ලංසාට උපදෙස් දිම සදහා මෙසේ උපදේශකයන් 19 දෙනෙකු සිටින බවය.
පසුගිය දිනවල නිමල් ලංසා විසින් මහනගර සභා නිළධාරින්ට මෙන්ම සේවකයන්ටද විවිධ නියෝග දෙන්නට පටන් ගෙන ඇති බව නිළධාරින් විසින් පවසා සිටිති.
අප මේ පිළිබදව නියොජ්‍ය කොමසාරිස්වරියගෙන් විමසා සිටියේ නාගරාධිපති උපදේශකයෙකුට එසේ රාජ්‍ය නිළධාරින්ට නියෝග දිය හැකිද යන්නයි.
එහෙත් ඇය කියා සිටියේ නගරාධිපති උපදේශකයෙකුට එසේ නියෝග දිමේ හැකියාවක් නැති බවය.
ඇය එසේ කියා සිටියද අද ඇත්ත තත්වය නම් මීගමුව මහනගර සභාවේ රාජ්‍ය නිලධාරින්ට නියෝග දෙමින් හිතුමතේ රැස්විම් පවත්වමින් නගර පාලනය සිදුකරනු ලබන්නේ නාගරාධිපති උපදේශක නිමල් ලංසා විසින් බවය.
මීගමුව තුල සිටින රාජ්‍ය නිළධාරින් රැස්විම් සදහා කැදවිම සදහා රාජ්‍ය  විසින් අදාල බලය පවරනු ලැබ  ඇත්තේ අදාල මැතිවරණ කොට්ටාශ වල ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරුන්ට වුවුද ඒ බලය නගරාධිපති උපදේශකලාට නැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එජාප ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු නියා සිටියේ මීගමුව ඡන්ද බලයෙන් ලංසා පාලනයෙන් මුදා ගත්තද අද කළු සල්ලි විසින් යළිත් ලංසා පාලනයට නතුකරගන්නට කටයුතු සැලසුම් වෙමින් තිබුණද ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙමින් යහපාලනය මිගමුව තුල ස්ථාපිත කරන බවය.
ඒ සදහා ජනතා ඡන්දයෙන්ම තේරි පත්වු මන්ත්‍රිවරුන්ම 19 ක් තමන්ට සිටින බවත් ඒ අය වටා මීගමුවේ අතිබහුතරයක් ජනයා දැනටමත් පෙළගැසි ඇති බවත් ඉදිරියේදි ඒ බලය මිගමුවට පෙන්විමට සුදානම් බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article