රු ලක්ෂ 150 ක් අපතේ යැවූ දයාන් ලංසාගේ කසල අංගනයට පුනරුදය මොකද කරන්නේ?

0
470
නගරාධිපති දයාන් ලංසා සිය ධුර කාලය තුල  බලහත්කාරයෙන් මිගමුවේ ඉතිහාසයටද සම්බන්ධ විශේෂ භුමියක්  තුල කසල අංගනයක් ස්ථාපිත කිරිමට යාමේදි එයට දැඩිව විරෝධයක්  ගම්වාසින් දැක්වුහ.2Q==

ඒ මිගමුවේ පැරණි නගර සභා ගොඩනැගිල්ල තිබුන පසුව එය ප්‍රකට සිනමා ශාලාවක්ද බවට පත්වු “මිපුර “ඉඩමට අදාලව මෙම විරෝධය කුට්ටිදූව ජනතාව විසින් පළකර තිබුණි.

ඒ අනුව එම ඉඩමෙන් එම ව්‍යාපෘතිය ඉවත්කර දැමු අතර  එයට විපක්ෂයේ ඇතැම් ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන්ගේද සහය ලැබි තිබුණි.

පසුව මෙම කසල අංගනය කොච්චිකඩේ පොරකේවත්ත ප්‍රදේශයෙ ඉදිකරන්න පටන්ගෙන තිබුණ අතර එහි කටයුතු නිම නොකරම ඔහේ අතරමග අතහැර දමා තිබේ.පෝරකේ වත්ත 1

ඇත්ත වශයෙන් හිටපු නගරාධිපති දයාන් ලංසාට අවැසිව තිබුනේ කසල කළමණාකරණ අංගනයක් ඉදිකිරිම සදහා විදේශ රටකින් රු ලක්ෂ 75 ක මුදල් ලබාදිමට තිබුන සුදානම නිසා ඒ අයවත් රවටා කසල අංගනයක් බාගෙට හෝ අටවා මුදල් යටි මඩි ගසා ගැනිමටය.

IMG 20260119 163606
මේ වෙනුවෙන් මහනගර සභාව විසින්ද රු ලක්ෂ 75 කට වැඩි මුදලක් වැය කර තිබුන බවද සැලය.
ඒ අනුව රු මිලියන 15 ක පමණ මුදලක් මේ අකාරයට අපතේ ගොස් තිබේ.
පොරෙකේ වත්තේ බාගෙට ඉදිකර ඇති මේ ගොඩනැගිල්ල මේ වන විට විනාශයට පත්වෙමින් තිබේ.

සෞඛ්‍ය කාරක සභාවටත් නිනව් නැති කසල අංගනය

IMG 20260119 163624

මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා හෝ මේ ගැන විමර්ශන චාරිකාවක් ගිය බවක් දැනගන්නට නැත.

එපමණක් නොව අරුමය  වන්නේ කොච්චිකඩේ ප්‍රදේශ⁣යේ  සිටින මාලිමා මන්ත්‍රිවරුන්වත් මේ ගැන සොයා බලා මාසික මහසභා අවස්ථාවකදිවත් වචනයක් වත්  කථා කර නොතිිබිමය.

කප්පරක්  වංචා දුෂණ මහජන දේපල විනාශ කිරිම් තිබියදි ඒවා ගැන කිසිදු වගක් නැතුව මසකට වරක් ඔහේ සභාවට පැමිණ පුටු රත්කර යන තත්වයකට මිගමුව මහනගර සභා දේශපාලනය පත්ව ති

මේ නිසාම මිගමුව තුල ශක්තිමත් පුරවැසි ක්‍රියාකාරිත්වයක් නිර්මාණයකළ යුතුව තිබේ.

ලංසා⁣ පවුලේ දුෂණ ගැන මාලිමා පාලනය විසින් විමර්ශන සිදුකර නිසි දඬුවම් නොදෙන්නේ නම් ජනතා අධිකරණය හමුවටවත් මේ අයව රැගෙන ආ යුතුව තිබේ.

නගර සභා දේපල සම්බන්ධයෙන් කටයුතු කාරක සභාව පවා මේ ගැන අවධානය යොමුක⁣ර ඇතිද යන්න පනා සැකසහිතය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here