spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රේචල් කොරි, ආරොන් සහ පලස්තිනයේ නිදහස් අරගලය

Must read

Rachel Aliene Corrie (අප්‍රේල් 10, 1979 – මාර්තු 16, 2003) ඇමරිකානු සමාජ  ක්‍රියාකාරිනියක  වන ඇය පලස්තීන  ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයේ (ISM)[3] සාමාජිකාවක් වූ අතර ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් පලස්තීන ප්‍රදේශ පුරා ක්‍රියාකාරී වූවාය.

2003 දී, කෝරී සිටියේ ගාසා තීරයේ රෆා නම් නගරයේ   ඊශ්‍රායල හමුදාව විසින්  පලස්තීන නිවාස කඩා දමමින් සිටියේය. කඩා බිඳ දැමීම්වලට විරෝධය පළ කරමින් සිටියදී, ඊශ්‍රායල සන්නද්ධ බුල්ඩෝසරයකින් ඇයව පොඩි කර මරා දමා තිබුණි.
ඒ හරියට මිට වසර  21 කට පෙර  ( 2003 .03.16 ) අද වැනි දිනකදිය

මේ අතර වොෂින්ටන් ඩීසී හි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් ඇමරිකානු ගුවන් භටයෙකු පසුගිදා මිය ගොස් තිබුණි

පලස්තීනය මුදා ගන්නා ලෙසත් ගාසා තීරයේ ජන සංහාරය නතර කරන ලෙසත් බලකරමින් පසුගිය පෙබරවාරි මාසයේ 24 වැනිදා ( 2024.02.24 ) ඇමෙරිකානු ගුවන් භට ආරොන් බුෂ්නෙල් වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී ගිනි තබා ගත්තේය.

25 හැවිරිදි Aaron Bushnell එය සජීවීව විකාශය කළේය. තමාට පලස්තීනය නිදහස් කර ගැනීමට අවශ්‍ය බවත් ජන සංහාරයට සහාය නොදෙන බවටත් සටන් පාඨ කියමින් සිටියදී ඔහු හදිසියේම ගිනි තබා ගත්තේය. ඔහු පිළිස්සුම් තුවාල සඳහා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා ඇත. කෙසේ වෙතත්, ප්‍රතිකාර නොලබා ඔහු මිය ගියේය.

ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ තම භෂ්මාවශේෂ නිදහස් පලස්තීනය තුළ විසුරුවා හරින ලෙසයි.

ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදි රටවල සහය ඇතිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන තිරසන් ජන සංහාරය දිනෙන් දින උත්සන්න වේ. ආහාර බෙදෙන ස්ථානයක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් 104 දෙනෙකු ඝාතනය කිරීම එකී මිලෙච්ඡත්වයට ආසන්න නිදසුනකි.

ඊශ්‍රායලයේ මෙම ජන සංහාරක යුද්ධයේ ප්‍රධානතම සහයකා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. එසේ ඇමරිකා එක්සත් ජනපදය දක්වන සහයට විරෝධය ඵල කරමින් ඇමරිකා එක්සත් ජනපද ගුවන් සේවාවේ ක්‍රියාකාරී සේවයේ නිරතව සිටි ආරොන් බුෂ්නෙල් පසුගියදා තම සිරුරට ගිනි තබා ගෙන දිවි නසා කරගත්තේය.

තමන් ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ජන මාධ්‍යයට පවසා ඇති බුෂ්නෙල් වොෂින්ටන් ඩී. සී. හී පිහිටි ඇමරිකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලය ඉදිරිපිටදි මෙසේ ගිනි තබා ගෙන ඇති අතර ගිනි දැල් වලින් සිරුර ඇවිලෙද්දි ‘පලස්තීනයට නිදහස’ යන්න ඔහු හඬ නගා පවසා තිබෙන බව වාර්තා විය.

2024.02.24 දින ඔහු තම දිවිය විරෝධතාවයේ ලකුණක් ලෙස අත්හරින විට ඔහුගේ වයස අවුරුදු 25 ක් පමණි. පලස්තීන මිනිසුන් යටත් විජිතවාදින් අතින් විදින හිංසනයට විරෝධයක් ලෙස තමන් මෙය සිදු කරන බවත් “මගේ රට ජන සංහාරයක් ‍කරනවා නම් මම කුමක් කරන්නද ?” යනුවෙන් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

අනෙකාගේ අරගලය අපේද අරගලයක්  යැයි සිතන්නේ  නම් ඔබලා සෑබෑ ජාත්‍යන්තරවාදියෝ  වෙති. ලංකාවේ උතුරේ ජන සංහාරයක් සිදුවෙමින් තිබියදි හමුදාවට එදා නෙළුම් මල් දෙමින් යුද්ධයටම ආවැඩු ලංකාවේ ඊනියා වාමාංශිකයෝ අද වෙන වෙනම පලස්තිනය වෙනුවෙන් ලංකාවේදි සහයෝගිතා අරගල පවත්වති.
අනෙකාට අප සහය දැක්විය යුත්තේ එය අපේ දේශපලන න්‍යාය පත්‍රය තුල තිබේ නම් පමණක් නොවන බව රේචල් කොරිලා සහ ආරොන්ලා සිය ජිවිත වලින්ම ඔප්පු කර හමාරය

මේ දිනවල ලංකාවේ තැන තැන කාන්තා දින සැමරුම්  තුල වර්ණවත් වේදිකා පසුතලද සමගින් පාට පාට කොඩි  පෙළපාලිද  දක්නට ලැබේ.
ඔවුන් සම්බන්ධ වි සිටින ආයතනය  විසින් කරන ඇරයුමෙන් බොහෝ තැන්වලදි අනුග්‍රහයන් තුලින් ලැබෙන වාහන පහසුකම්ද සමගින් මේ  පිරිස්  සැමරුම් සදහා පැමිණෙති.
අභියෝගය වන්නේ මේ කාන්තාවන්ගෙන් කියෙන් කි දෙනෙක් මේ වැඩ හරහා සෑබෑ ජිවිත වෙනසකට  ගොස් ඇත්තේද යන්නයි .රැස්විම් ශාලා පිරියන තරමට සිටින මේ කාන්තාවන් කියෙන් කිදෙනෙකුගේ  ඇත්ත ජිවිත භාවිතාවන් කොයිතරම් නම් ප්‍රගතිශිලිද ?

දකුණු සමාජය තුල රේචල් කොරිලා වැනි චරිත බිහිවිමට ඇත්තේ ඉතා විරල ඉඩකි.සංදර්ශන පමණක් තොරෙොම්බල්  කෙරෙන ලංකාවේ සිවිල් සමාජ වැඩ වල අවසානයේ දි  ඉතිරි වන්නේ කුමක්ද යන්න සැබැවින්ම කල්පනා කළ යුතුව තිබේ

මේ වෙනුවෙන් වැය කෙරෙන විශාල වියදම ගැන සලකා බලන කල්හි ලබන වසරේදි  කාන්තා සැමරුම් පැවැත්විම සදහා විදේශ ආධාර දකුණේ සංවිධාන වලට නොලැබෙන්නේ යැයි උපකල්පනය කරනු ලබන්නේ නම් ලබන වසරේ  ෆේස් බුක් පිටු අතරට කාන්තා දින සැමරුම පැමිණෙනු ඇත්තේ කවර ආකාරයකින්  විය හැකිද ?
( අවධාරණයන් අපෙන් )

රචෙල්ගේ අවසන් ලිපිය

ඇතැම් විට මට දැනෙනුයේ මගේ මුළු කාලයම ‘මමා’ වෙත ප්‍රචාරක කටයුතු සඳහා වැය වන බවය. ඇය එම ලිපි ඔබට දෙන බව මම උපකල්පනය කරමි. එහෙයින් ඔබට නොතකා හැරීමකට ලක්ව තිබේ. මා පිළිබඳව කණගාටු නොවන්න. අපගේ කටයුතු ඵල රහිත වීම පිළිබඳව දැන් මගේ අවධානය දැඩි ලෙස යොමුව තිබේ. විශේෂ අවදානමක් පිළිබඳව තවමත් මට දැනී නැත. රාෆා නගරය සෙමින් සන්සුන්වන බවක් පෙනී යයි. හේතුව හමුදාව උතුරේ වෙනත් ආක්‍රමණයක යෙදී සිටීම විය හැක. එහෙත් තවමත් නිවාස විනාශ කිරීම සහ වෙඩි තැබීම් සිදු වේ. පසුගිය සතියේ මා දන්නා එක් අයෙකුගේ මරණය සිදුවිය. නමුත් විශාල ආක්‍රමණයන් සිදුවූයේ නැත. ඉරාක යුද්ධය පැමිණියහොත් එවිට තත්ත්වය කෙලෙස වෙනස් වේදැයි තවම කීමට නොහැක.

ඔබගේ යුද විරෝධී කටයුතු පෙරට ගැනීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙමි. එය පහසු කටයුත්තක් නොවන බවත්, ඇතැම් විට මා සිටින තැනට වඩා ඔබ සිටින තැනදී එය වඩාත් දුෂ්කර විය හැකි බවත් මම දනිමි. චාලට් හී මාධ්‍යවේදියාට කථා කිරීමට මා තුළ සැබැවින්ම දැඩි උනන්දුවක් ඇත. ක්‍රියාවලියේ වේගය වැඩි කිරීම සඳහා මවිසින් කුමක් කළ යුතු දැයි මට දන්වන්න. රාෆා වලින් ඉවත්වූ පසුව මවිසින් කුමක් කළ යු දැයි සිතා ගැනීමට මම උත්සාහ දරමි. එහෙත් මා දැනට සිතනුයේ ජූනි වන තෙක් නැවතීමටය. සත්තකින්ම මට නැවතත් ඔලිම්පියා වෙත යාමට උවමනාවක් නැත. එහෙත් ගරාජයේ ඇති මගේ බඩුමුට්ටු ඉවත් කර පිරිසිදු කිරීම සඳහාත් මෙහිදී මා ලද අත් දැකීම් පිළිබඳව කතා කිරීම සඳහාත් එහි යාමේ අවශ්‍යතාවක් ඇත. දැන් මා මුහුදු තරණය කල විට කෙටි කලකට එතෙර නතරවීම සඳහා දැඩි ආශාවක් මට දැනෙයි. ඉංග්‍රීසි බස ඉගැන්වීමට රැකියාවක් සොයා ගැනීම කෙරෙහිත් අරාබි බස ඉගෙන ගැනීම කෙරෙහිත් මගේ උනන්දුව යොමුව ඇත.

එමෙන්ම ම මා ආපසු එන අතරතුර ස්වීඩනයට යාම සඳහා ඇරයුමක් ලැබී ඇත. එය අඩු වියදමකින් කළ හැකි දෙයක් යැයි මම සිතමි. මා රාෆාවෙන් ඉවත්වීමට සිතන්නේ නැවත පැමිණීම සඳහා සජීවි සැලසුමක් සහිතවය. අපේ කණ්ඩායමේ නිත්‍ය සාමාජීකාවක හෙට දින රාෆාවෙන් ඉවත්වීමට නියමිතය. ඇය ජනතාවගෙන් සමුගන්නා දෙස බලා සිටින විට එය කොතරම් දුෂ්කර කරුණක් වනු ඇත්දැයි දැඩිව මට වැටහිණ. මෙහි සිටින ජනතාවට මින් ඉවත් වීමට නොහැකිය. මවිසින් කළ දේවල් වඩාත් සංකීර්ණ කරයි. වඩාත් වැදගත් කරණ අප මෙහි නැවත පැමිණෙන විටකදී ඔවුන් ජීවතුන් අතර සිටිනු ඇත්දැයි යන්න පවා ඔවුන් නොදැන සිටීමයි.

ඇත්තෙන්ම මෙම ස්ථානය පිළිබඳව දැඩි වරදකාරි හැඟිමක ගිලී ජීවත්වීමට මට උවමනා නැත. (ඉතා පහසුවෙන් යාම් ඊම් කළහැකි ලෙස… අවශ්‍ය නම් නැවත නොගොසින් සිටිය හැකි ලෙස….තැන් පිළිබඳව කැප කිරීමක් කිරිම වටිනා දෙයක් බව මම සිතමි.)

කෙසේ වුවද මට නැවත වසරකින් හෝ එවැනි කාලසීමාවක් තුළ නැතිව පැමිණීම සඳහා සැලසුමක් සකස් කරගත හැකිවේ යැයි මම සිතමි. මේ සියළු ශක්‍යතාවන් හේතුවෙන් අඩුතරමින් ආපසු එන ගමනේදී සති කීපයක් සඳහා ස්වීඩනයට යාම සුදුසු බව මට සිතෙයි. මට ටිකට් පත් මාරු කරගෙන පැරිසියේ සිට ස්වීඩනය බලා යන ගුවන් යානයක් ගත හැකිය. ඇත්තෙන්ම මම උත්සාහ කරන්නේ ප්‍රංශයේ සිටින පවුලක් සමග සබඳතා ගොඩනගා ගැනීමටය. එහෙත් මට එය කළ හැකි වේදැයි යන්නද සැක සහිතය. මා සෑම විටෙකම කෝපාන්විත හැඟීම්වල වෙළී සිටින අතර කිසිවකින් සතුටක් නොදැනෙයි. සංක්‍රමණය වරප්‍රසාදයක් බවට දැන් පත්ව තිබේ. පන්තිය පිළිබඳ වරදකාරී හැඟීම මට සෑම විකෙම දැනෙමින් පවතී.

‘මගේ මුළු මහත් ජීවිතයම කැපකර මවිසින් කළ යුතු යමක් පිලිබඳ ඔබට අදහසක් වේ නම් එය මට පවසන්නයි මම ඉල්ලා සිටිමි. මම ඔබට දැඩි ලෙස ආදරය කරමි. ඔබට අවශ්‍ය නම් හවායි දූපත්වල නිවාඩුවක් ගතකරන ලෙස මට ලියා එවීමට ඔබට පුළුවන. මවිසින් කරනු ලබන එක් දෙයකින් සියල්ල පහසුවක් බවට පත්වන්නේ නම් හොලිවුඩ් චිත්‍රපටයක නිළියක් වීමේ සිහිනය කරා පූර්ණ වශයෙන් පසුබැසීමට මා කැමැතිය. එනිසා යමක් කිරීම සඳහා සැහැල්ලුවෙන් ඉන්න. දිගටම ක්‍රීඩා කිරීමට මම කැමැත්තෙමි. ඔබ වෙත ආදරයෙනි.

අවසන්…..

උපුටා ගැනිමේ මුලාශ්‍රය- www.jesustoday.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article